මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්. බැංකු ගිණුම්වලට හඳුනාගැනීමේ අංකයක් අනිවාර්ය කරයි

    October, 13, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1988 අංක 30 දරණ බැංකු පනත සහ 2011 අංක 42 දරන මුදල් පනත යටතේ විධාන නිකුත් කර, පිළිවෙලින් බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල ගනුදෙනුකරුවන් සඳහා තැන්පතු ගිණුම් ආරම්භ කිරීමේ දී එක් එක් ගිණුම් හිමියන් සඳහා අනන්‍ය වූ හඳුනාගැනීමේ අංකයක් සටහන් කිරීම 2022.10.01 දින සිට අනිවාර්යය කර තිබේ.

    මෙහිදී බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල දැනටමත් ගිණුම් පවත්වාගෙන යන තැන්පතුකරුවන් අනන්‍ය වූ හඳුනාගැනීමේ අංක යාවත්කාලීන කර අවසන් කිරීම සඳහා 2023.12.31 දක්වා කාලය ලබා දී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර සිටී.

    අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.