මහ බැංකු පනත් කෙටුම්පතට අනුමැතිය

    December, 20, 2022

    2019-10-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත් සකස් කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව සකස් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත 2019-11-01 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති අතර, අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණ ද න්‍යාය පුස්ථකයට එය ඇතුළත් කර නොමැත.

    වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමට හැකි වන අයුරින් මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුළත් කරමින් වැඩිදියුණු කරනු ලැබ තිබේ.

    ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබා දෙන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates