මාස 06ක දී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 3ක්

    July, 8, 2024

    පසුගිය 2024 ජූනි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 519.6 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 2024 මැයි මාසයේ දී ඩොලර් මිලියන 544.4 ක් සහ 2023 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 475.7 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    මේ අනුව 2024 මුල් මාස 06 තුළ දී ලැබී ඇති සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,144 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙය 2023 මුල් භාගයේ වාර්තා වී තිබුණු ඩොලර් මිලියන 2,822.6 ක්වූ ප්‍රේෂණ ප්‍රමාණය හා සැසඳීමේ දී 11.4% ක වර්ධනයකි.