January, 25, 2023
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී විසින් සිය නවතම කාර්තුමය මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව 2022 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව තුළ දී සමාගමේ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රු. බිලියන 8.23 ක් ලෙසින් සටහන්ව ඇත. කෙසේවෙතත් මෙය 2022 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වාර්තා කරනු ලැබූ රු. බිලියන 12.35 ක් වූ බදු පසු ලාභ අගයයට වඩා 33% ක අඩුවීමකි.
ලංකා IOC සමාගමේ මෙම කාර්යසාධනයත් සමඟ 2022 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී උපයා ඇති සමස්ත බදු පසු ලාභය රු. බිලියන 30.51 ක් වේ. එනම් රු. කෝටි 3,051 කි.
ලංකා IOC සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 75.12% ක් හෙවත් කොටස් මිලියන 400 ක හිමිකාරීත්වය ඇත්තේ එහි මව් සමාගම වන ඉන්දියාවේ Indian Oil Corporation Limited සතුවය.

Video Story