June, 3, 2024
2024 වසරේ මේ දක්වා සමස්තයක් වශයෙන් රුපියල අතිප්‍රමාණය වුවද, 2024 මැයි මාසයේ දී යම් අවප්‍රමාණය වීමේ පීඩනයක් දක්නට ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2024 අප්‍රෙල් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් මහ බැංකුව මේ බව අනාවරණය කර සිටී.
“2024 වසරේ මැයි මස 31 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 7.3කින් අතිප්‍රමාණය විය. මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2024 වසරේ මැයි 31 දක්වා කලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, චීන යුවාන්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලටය සාපේක්ෂව අතිප්‍රමාණය විය“, යනුවෙන් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.


Video Story