මැලේසියානු මහ කොමසාරිස් අතින් Lavanya Travels වෙත ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සංචාරක සමාගම 2026 සම්මානය

    August, 10, 2026

    ශ්‍රී ලංකාවේ සංචාරක සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, පාරිභෝගික විශ්වාසය සහ අඛණ්ඩ ප්‍රගතිය යළිත් තහවුරු කරමින් Lavanya Travels ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සංචාරක සමාගම 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස්වරයා අතින් මෙම සම්මානය පිරිනැමීම විශේෂත්වයකි. මෙම සම්මානය Lavanya Travelsහි සාර්ථක ගමන් මඟේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් වන අතර විශ්වාසනීය, පුද්ගල අවශ්‍යතාවලට ගැළැපෙන සහ උසස් ප්‍රමිතියෙන් යුත් සංචාරක සේවා සැපැයීම සඳහා සමාගම දක්වන අඛණ්ඩ කැපවීම එමඟින් ඇගැයීමට ලක් වී තිබේ. Lavanya Travels මීට පෙර Pinnacle Award 2023, Miracle Award 2024 සහ Sri Lanka's Most Popular Travel Company 2025 සම්මානය දිනා ඇති අතර 2026දී නැවතත් ජනප්‍රියම සංචාරක සමාගමට හිමි සම්මානය දිනා ගැනීම සමාගම කෙරෙහි පාරිභෝගිකයන් තබා ඇති අඛණ්ඩ විශ්වාසය සහ ක්ෂේත්‍රය තුළ ගොඩ නඟා ගෙන ඇති ප්‍රබල කීර්ති නාමය මනාව පිළිබිඹු කරයි.

    වසර ගණනාවක් පුරා Lavanya Travels සිය පාරිභෝගිකයන්ගේ වෙනස් වන සංචාරක අවශ්‍යතාවලට ගැළැපෙන පරිදි පූර්ණ සංචාරක කළමනාකරණ සේවා සපයමින් විශ්වාසනීය සංචාරක සහකරුවෙකු ලෙස ස්ථාවර වී ඇත. ජාත්‍යන්තර නිවාඩු සංචාර පැකේජ සැපැයීම, ගුවන් ප්‍රවේශ පත් වෙන් කිරීම, වීසා උපදේශන සහ වීසා සැකැසුම් සේවා සැපැයීම, හෝටල් වෙන් කිරීම, සංචාරක රක්ෂණ සැපැයීම, ගුවන්තොටුපොළ ප්‍රවාහන පහසුකම් සැපැයීම, මධුසමය සංචාර, වන්දනා චාරිකා, ආයතනික සංචාර කළමනාකරණය සහ පාරිභෝගික අවශ්‍යතා අනුව සකස් කරන විශේෂ සංචාර ඇතුළු පුළුල් සේවා පරාසයක් සමාගම සපයයි. ආසියාව, මැද පෙරදිග ඇතුළු ලොව විවිධ ගමනාන්ත වෙත මෙම සේවා සපයයි. පළපුරුදු වෘත්තීය කාර්ය මණ්ඩල, සෑම පාරිභෝගිකයෙකුටම පෞද්ගලික අවධානයක් දෙන සේවාව සහ ජාත්‍යන්තර ගුවන් සමාගම්, හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ පවත්වා ගෙන යන ශක්තිමත් සබඳතා සිය සාර්ථකත්වයේ ප්‍රධාන සාධක බව Lavanya Travels සඳහන් කරයි. ඒ හරහා තරගකාරී මිල ගණන් යටතේ වෘත්තීයභාවය සහ ඉහළ පාරිභෝගික තෘප්තිය පවත්වා ගනිමින් පහසු හා විශ්වාසනීය සංචාරක අත්දැකීම් සැපැයීමට සමාගම සමත් වී ඇත. මැලේසියානු මහ කොමසාරිස්වරයා අතින් මෙම සම්මානය හිමි වීම ජාත්‍යන්තර සංචාරක සබඳතා ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ සංචාර අවස්ථා පුළුල් කිරීමට Lavanya Travels සපයන දායකත්වයට වැදගත් පිළිගැනීමකි. ගෝලීය සංචාරක ක්ෂේත්‍රය නව ප්‍රවණතා සමඟ වේගයෙන් පරිවර්තනය වන පසුබිමක නව සංචාරක අත්දැකීම් හඳුන්වා දීම, සේවා පරාසය තව දුරටත් පුළුල් කිරීම සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් හා වටිනාකමක් දීම කෙරෙහි Lavanya Travels ඉදිරියටත් අවධානය යොමු කරයි. Lavanya Travelsහි සේවා සහ නවතම සංචාරක පැකේජ පිළිබඳ වැඩි තොරතුරු සඳහා lavanyaworld.com වෙබ් අඩවියට පිවිසීමට, Lavanya Travels Facebook පිටුව ඔස්සේ සම්බන්ධ වීමට හෝ 0775551717 අංකය ඇමැතීමට හැකිය.