මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

    January, 25, 2023

    ඊයේ (2022 ජනවාරි 24) පැවති රැස්වීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී.

    ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව  පවතී.