February, 20, 2024
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම මඟින් දෙරටේ සංචාරකයින්ට ප්‍රවේශ වීමේ හැකියාව වැඩි වශයෙන් ලබා දෙමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, වැඩිදියුණු වූ සම්බන්ධතා මඟින් සංස්කෘතික හුවමාරුව, අධ්‍යාපන, ආගමික, සංස්කෘතික ක්‍රියාකාරකම්, කලාව, ක්‍රීඩා යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතාව දිරිමත් කිරීමට හැකියාව පවතින බව හඳුනාගනු ලැබ ඇත.
ඒ සඳහා අඩු පිරිවැය සහිත සංචාරක හා ප්‍රවාහන ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වන අතර, ඒ අනුව මගී ප්‍රවාහන යාත්‍රා සහ මගී නෞකා මඟින් ශ්‍රී ලංකාවෙන් පිටව යන මගීන්ගෙන් දැනට අයකරනු ලබන අපගමන බදු පිළිවෙලින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 05ක් සහ ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 20ක් දක්වා අඩු කිරීමටත්, මගී යාත්‍රා මඟින් ගමන් කරන මගියෙකුට කිලෝග්‍රෑම් 60ක් දක්වා නිදහස් ගමන් මළු දීමනාවක් ප්‍රදානය කිරීමටත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story