මූල්‍ය සේවා ආශ්‍රිත වංචා සහ සංවිධානාත්මක කූටෝපක්‍රම පිළිබඳව ජාතික මට්ටමින්  ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කෙරේ

    September, 7, 2023

    ශ්රී ලංකා මහ බැංකුවේ ජාතික ගෙවීම් කවුන්සිලයේ මඟපෙන්වීම අනුව LankaPay - ශ්රී ලංකා ජාතික ගෙවීම් ජාලය,   ශ්රී ලංකා බැංකු සංගමය (SLBA), ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (SL CERT), FinCSIRT සහ සමස්ත මූල්ය අංශය සමඟ එක්ව මූල්ය වංචා සහ සංවිධානාත්මක කුටෝපක්රම පිළිබඳව ජාතික මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්  ආරම්භ කර ඇත. පසුගිය වසර කිහිපය තුළ ඩිජිටල් ගනුදෙනුවල වර්ධනයත් සමග මෙකී වංචාවල ප්රමාණය මෙන්ම සංකීර්ණ බවද අවදානම්සහගත ලෙස වැඩි වී ඇති බව නිරීක්ෂණය වේ. ජාත්යන්තර මූල්ය සංස්ථාවේ (IFC) මූල්ය අනුග්රාහකත්වය යටතේ දියත් කරන ලද මෙම වැඩසටහන මඟින්, මෙරට  කාලීන අවශ්යතාවයක්ව පැවති, මුල්ය සේවා ආශ්‍රිත වංචා  සහ සංවිධානාත්මක කූටෝපක්රම පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරයි.

    ඉහත වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්ය සාකච්ඡාවක් 2023 සැප්තැම්බර් 5 වැනි දින කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි. මෙම මාධ්ය සාකච්ඡාවේදී ශ්රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වසන්ත අල්විස් මහතා, LankaPay සභාපති ආචාර්ය කෙනත් ද සිල්වා මහතා, LankaPay ප්රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා, SL CERT සභාපති රොහාන් මුත්තයියා මහතා, ජාතික ගෙවීම් කවුන්සිලයේ ගෙවීම් ආශ්රිත වංචනික ක්රියා පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා වූ ක්රියාකාරී කණ්ඩායමේ සභාපති නුවන් වික්රමනායක යන මහත්වරුන් විසින්  අදහස් දක්වන ලදී.

    මේ සඳහා SLBA ප්රධාන ලේකම් රවී ද සිල්වා මහතා; SL CERT වැඩබලන ප්රධාන විධායක නිලධාරී ආචාර්ය කනිෂ්ක කරුණාසේන මහතා සහ ජාතික ගෙවීම් කවුන්සිලයේ ගෙවීම් සම්බන්ධ වංචාවන් පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා වූ ක්රියාකාරී කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයෝ ද  සහභාගී වූහ. එලෙසම, මෙම වැඩසටහන සඳහා වූ නිර්මාණාත්මක සංකල්පය සහ  ඉදිරිපත් කිරීම Ogilvy Digital ආයතනය විසින් සිදු කරන ලදී.

    මෙම මාධ්ය හමුවේදී මුල්‍ය ක්ෂේත්රයේ සියල්ලන්ගේම දායකත්වයෙන් යුතුව මුල්‍ය සේවා ආශ්‍රිත වංචා සහ සංවිධානාත්මක කූටෝපාක්‍රම වලින් ඇතිවන අභියෝග සඳහා මුහුණ දීමේ ජාතික මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහනක අවශ්යතාවය අවධාරණය කෙරුණු අතර මේ සඳහා කඩිනම් පියවර ගැනීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා  තවදුරටත් ප්‍රචලිත කිරීමට ඉමහත් රුකුලක් වන බවද  පෙන්වාදෙන ලදී.

    ක්රමිකව ඉහළ යන මූල්ය වංචාවන් පිළිබඳව සොයා බැලීමටත්  ඒවා පිලිබඳ මහජනතාව දැනුවත් කිරීම  සඳහා  වු නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, 2022 දී ජාතික ගෙවීම් කවුන්සිලය විසින් ශ්රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකු නියෝජනය කරමින් දස දෙනෙකුගෙන් යුත් ක්රියාකාරී කණ්ඩායමක් පත් කරන ලද අතර, මෙම මාධ්ය හමුවේදී අනාවරණය වූයේ රට තුළ සිදුවන මූල්ය වංචාවලට මූලික හේතුව, සයිබර් ප්රහාර සහ පද්ධති බිඳවැටීම්වලට වඩා මූල්ය පාරිභෝගිකයන්ගේ නොදැනුවත්කම බවයි. ඩිජිටල් බැංකු සේවාවන් පමණක් නොව ඩිජිටල් නොවන සේවාවන් භාවිත කරන ගනුදෙනුකරුවන් ද  එක සමාන ලෙසින් මූල්ය වංචාවලට නිරාවරණය වන බවත් මොවුන්  දෙපාර්ශ්වයම එක හා සමානව මූල්ය චංවා වලට හසුවීමේ අවදානමට ලක්ව සිටින බවත් ය.

    ඉහත ක්‍රියාකාරී කමිටුවේ සොයාගැනීම් මත පදනම්ව, One Time Password (OTP) ආශ්‍රයෙන් කරනු ලබන වංචා වැලක්වීම, ATM ආශ්‍රිත වංචා වැලක්වීම්, Phishing වංචා වැලැක්වීම, online ගනුදෙනු සිදු කිරීමේදී සලකා බැලිය යුතු ආරක්ෂිත කරුණු, SMS Alerts වල වැදගත්කම මෙන්ම පුද්ගලික සහ බැංකු තොරතුරුවල රහස්යභාවය තවදුරටත් ආරක්ෂා කිරීමේ ක්‍රම  ඇතුළු  හඳුනාගත් ප්‍රධාන ක්ෂේත්ර හයක් මෙම වැඩසටහනේ පළමු අදියරය යටතේ  අවධානයට  යොමු කෙරෙනු ඇත. අවදානමට ලක්විය හැකි මහ ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙම වැඩසටහන, මූලික වශයෙන් සිංහල සහ දෙමළ භාෂාවලින් ක්රියාත්මක කිරීමට අදහස් කරයි.

    ඩිජිටල් මූල්ය අවකාශයේ ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරන ශ්රී ලංකා මහ බැංකුව, සියලුම බැංකු, මූල්ය ආයතන, LankaPay සහ තොරතුරු තාක්ෂණ ආයතන වල  සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්රියාත්මක කරන අතර මෙම  වැඩසටහනේ අන්තර්ගතය ජනතාව අතරට ගෙන යාමට මාධ්‍යයට සිදු කළ හැකි කාර්යභාරය පිළිබඳවද මෙම මාධ්ය හමුවේදී අවධාරණය කරන ලදී.