මූලික ඉදිකිරීම් ආරම්භ කරන Prime Lands Residencies PLC – Amber Skye – Negombo ව්‍යාපෘතියේ 70% ක් මේ වන විටත් විකිණී අවසන්

    October, 25, 2021

    ශ‍්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහයේල සයුර අභියස ඉදිකරන Prime Amber Skye, Negombo සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතියේ මූලික ඉදිකිරීම් අරඹන ලදි. මෙහි සමාරම්භක අවස්ථාවට Prime Lands Residencies PLC හි අධ්‍යක්ෂවරුන් සහ සාමාන්‍යාධිකාරී - ඉංජිනේරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    සාගරයට මුහුණලා ඉදිකෙරෙන  මීගමුව, Amber Skye, Negombo සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතියේ නිවාස වලින් 70% ක් ම මේ වන විටත් අලෙවි වී අවසන්ව ඇති අතරල සීග්‍රෙයන් ඉහල යන වටිනාකමක් සහිත ශ්‍රී ලංකාවේ ලංකාවේ අතිශය ජනප්‍රියතම ස්ථානයක පිහිටි Amber Skye, Negombo ජීවිත කාලයටම සරිලන ආයෝජනයක් සඳහා අගනාම ව්යාටපෘතියකි. Amber Skye, Negombo ව්යා‍පෘතිය දේශීය ආයෝජකයන්ගේ හා දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වීමට ප්‍රධාන හේතු ලෙස මීගමුව සංචාරක පාරාදීසයක් වීම හා ව්‍යාපෘතිය මීගමුව Hotel Road හි පිහිටා තිබීම දැක්විය හැකග

    තවද මෙහි සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට හා කටුනායක කොළඹ අධිවේගී පිවිසුමට මිනිත්තු 10කින් මෙන්ම කොළඹ නගරයට මිනිත්තු 40කින් පහසුවෙන් ලගාවීමට හැකි වීමද සුවිශේෂත්වයකි.

    Amber Skye, Negombo ව්යාදපෘතිය හි නිවාස ඒකක 145 කින් සමන්විත අතර නිදන කාමර එකේ සිට තුන දක්වා වූ සුඛෝපභෝගී නිවාස වල මිල රු. මිලියන 22.5 න් ආරම්භ වේ. මෙම ව්‍යාපෘතිය 2024 මැද භාගයේදී නිම කිරීමට සැලසුම් කර ඇති අතර වසර තුනක් පුරා ගෙවිය හැකි ආකර්ෂණීය පොලී රහිත ගෙවීමේ සැලසුම් ද ලබා ගත හැක.

    ”විනෝදාස්වාදයට තෝතැන්නක් වූ මීගමුව වැනි ස්ථානයක  ඉතා ආකර්ශණීය සුඛොපභොගී ව්‍යාපෘතියක මුලික ඉදිකිරීම් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අප ඉතා සතුටට පත් වනවා. සුඛෝපභෝගිත්වයට මුසු වූ මනස්කාන්ත දර්ශනයක් හා සුව පහසුවද කැටිව ඉතා පහසුවෙන් ලඟා විය හැකි ස්ථානයක පිහිටි Amber Skye, Negombo ව්යාවපෘතිය සුඛෝපභෝගී ජීවන රටාව ඉතා ඉහල මානයකට රැගෙන යාමට සමත් වනු ඇති බව අප විශ්වාස කරනවා.  කායික මානසික විවේකයක් වෙනුවෙන් මෙම සාගර තීරය වඩාත් යෝග්‍ය වන අතරම මිල කළ නොහැකි ජීවන අත්දැකීමක් අපගේ පාරිභෝගිකයින්ට හිමිවන බව මගේ හැගීමයි.” යනුවෙන් ප‍්‍රයිම් සමූහ සභාපති බ‍්‍රහ්මණගේ පේ‍්‍රමලාල් මහතා පැවසුවේය.

    සියුම් සැලසුම් සහ නවීන අංගයන් වලින් වැඩිදියුණු කරන ලද පුලුල් ඉඩකඩක් සහිතව, ස්වාභාවික ආලෝකය උපරිමයෙන් ලැබෙන පරිදි සියලූම මහල් නිවාස සහ පෙන්ට් හවුස් ඉතා අනර්ඝ ලෙස සැලසුම් කර ඇත. ඉන්දියන් සාගරයේ නිල්වන් සයුරට මුහුණලා සිත් ගන්නා සුලු දර්ශන තලයක්ද සහිතව මීගමුවේ Amber Skye ඉදිවේ.

    එදිනෙදා අත්දැකීම් සුඛෝපභෝගී කිරීම සඳහා මෙම පරිශ‍්‍රය විවිධාකාර පහසුකම් වලින් සමන්විත වේ. මෙයට පැය 24 ම කි‍්‍රයාත්මක වන ආරක්ෂක සේවාවක්, අමුත්තන්ගේ ආලින්දය, Roof top තටාකය, ළමා තටාකය සහ ක‍්‍රීඩා පිටිය, යෝග මණ්ඩපය, විශාල roof terrace ය, නිරීක්ෂණ දුරේක්ෂය, බාබකියු ටෙරසය, ශරීර සුවතා මධ්‍යස්ථානය, rooftop ocean bar සහ රැස්වීම් ශාලාව ද ඇතුළත් වේ. පදිංචිකරුවන්ට රියදුරන් සහ සේවිකාවන් සදහා විවේකාගාරයක්, රෙදි සෝදන කාමර, පැය 24 පුරාම ඩිජිටල් නිරීක්ෂණය සහ access control elavators ද පිරිනැමේ. නිදන කාමර 2 ක් සහිත මහල් නිවාස සදහා විකල්පයක් සහිත dual key පහසුකමකින් සමන්විත වන අතර එමඟින් අයිතිකරුවන්ට studio apartment සහ එක් නිදන කාමරයක් සහිත මහල් නිවාසයක් වශයෙන් පාර්ශව දෙකකට කුලියට දීමට වුවද ඉඩ සලසයි.

    Amber Skye  හි පදිංචිකරුවන්ට තම කැමැත්ත පරිදි තෝරාගත හැකි ආපන ශාලා සහ සිල්ලර වෙළඳසැල් ඉතා ආසන්නව පිහිටා ඇති නිසා නිවැසියන්ට කෑමට, විවේකීව රැඳී සිටීමට සහ ක‍්‍රීඩා කිරීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය වේ. මෙම පරිශ‍්‍රවාසීන්ට මීගමුවේ රන්වන් මුහුදු වෙරළ, ප‍්‍රසිද්ධ ආගමික ස්ථාන, මීගමුව ලන්දේසි බලකොටුව, මා ඔය, දෙපා ඇල, ලන්දේසි ඔරලෝසු කණුව සහ මෝරවල වෙරළ යන අති මනරම් ස්ථාන වලට පහසුවෙන් ලගා වීමට හා එම සුන්දර අත්දැකීම් ලබාගැනීමටද අවස්ථාව උදා වේ.