මෙල්වා සමාගමේ Sands Active ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව ජනපති අතින් විවෘත කෙරේ

    June, 7, 2024

    මෙල්වා සමූහ ව්‍යාපාරය යටතේ Sands Active පුද්ගලික සමාගම විසින් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලද Cephalosporin එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) ඒකල දී විවෘත කෙරුණි.

    මෙල්වා සමූහ ව්‍යාපාරයේ සභාපති පෙරියසාමීපිල්ලෙයි ආනන්දරාජා මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයෙන් පෙළෙන තරුණ තරුණියන්ට හොඳ රටක් නිර්මාණය කර දීමට ඉදිරි වසර තුන තුළදී කටයුතු කරන බවයි.

    ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය පිළිබඳ මෙල්වා සමාගම වෙත සිය ප්‍රසාදය පළ කළ ජනාධිපතිවරයා එම ව්‍යාපෘති මඟින් මෙරට තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් නිර්මාණය කර දී ඇති බවද සඳහන් කළේය.