මෙල්ස්ටාකෝප් කොටස් වෙළෙඳපොළ ඉහළට ඔසවා තබයි

    January, 3, 2024

    2024 වසරේ දෙවැනි ගනුදෙනු දිනය වූ අද (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු වර්ධනයක් අද දිනයේ දී වාර්තා විය

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 30.64 කින් ඉහළ ගොස් ඒකක 10,714.92 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 8.87 කින් ඉහළ ගොස් ඒකක 3,093.23 ක් ලෙසත් දිනය අවසානයේ දී සටහන්ව තිබුණි.

    අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දීමට මෙල්ස්ටාකෝප් සමාගම සමත්ව තිබුණි. අද දිනය තුළ දී මෙල්ස්ටාකෝප් පීඑල්සී හි කොටස් මිලෙහි 5.94% ක් වර්ධනයක් සිදුව ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

    මීට අමතරව NTB, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, හේලීස් සහ සොෆ්ට්ලොජික් කැපිටල් යන සමාගම්වලින් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණි.

    අද දින ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 768.90 ක් ලෙසින් වාර්තා වන අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. මිලියන 675.03 ක් ලෙසත් දේශීය විකිණුම් රු. මිලියන 609.32 ක් ලෙසත් සටහන් වී තිබේ.

    මේ අතර රු. මිලියන 93.87 ක විදේශීය මිල දී ගැනීම් සහ රු. මිලියන 159.58 ක විදේශීය විකිණුම් දිනය තුළ වාර්තා වී තිබුණි.