මොනික් ඉන්ටනැෂනල් සිව්වැනි සංවත්සරයට සමගාමීව කාර්ය මණ්ඩලය ඇගැයීමේ උත්සවය පවත්වයි

    October, 2, 2023

    දිවයිනේ ප්‍රධාන පෙළේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් වන මොනික් ඉන්ටර්නැෂනල් විසින් සිය සිව්වැනි සංවත්සරයට සමගාමීව කාර්ය මණ්ඩලය ඇගැයීමේ උත්සවය දිවුලපිටිය සෙනුරි ග්‍රෑන්ඩ් කැස්ටෙලෝහීදි පසුගියදා උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධනුෂ්ක උඩුගම මහතා සහභාගි විය.

    පුරා වසර හතරක අති සාර්ථක ගමනක් සඳහා තම ආයතනයේ කාර්ය මණ්ඩලයේ දායකත්වය නොමඳව ලැබුණු බව මොනික් ඉන්ටර්නැෂනල් කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මදුවන්ත වාසල ආරියපාල මහතා පැවසීය. ඉලක්ක සැපිරූ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ඇගැයීම සහ දිරිමත් කිරීමද මෙම උත්සවයේ අරමුණක් විය. තම ව්‍යාපාරික ගමනේදී සහාය දැක්වූ කාර්ය මණ්ඩලය වෙත ස්තූතිය ප්‍රකාශ කළ ආරියපාල මහතා තම ආයතනයේ ශක්තිය වන්නේ නිරන්තර කැපවීමෙන් සහ උනන්දුවෙන් සේවය කරන සේවක සේවිකාවන් බවද සඳහන් කළේය. දිවයිනේ විශිෂ්ටතම ශාඛාව ලෙස මඩකළපුව ශාඛාව ත්‍යාග දිනා ගත් අතර එහි අනුශූරතාව බදුල්ල ශාඛාවට හිමි විය. මෙහිදී සිය අලෙවි ඉලක්ක සාර්ථකව සැපිරූ නිලධාරීන්ට වාහන ඇතුළු විවිධ ත්‍යාග රැසක් පිරිනමන ලදී.