මෝටර් රථ ආනයන කරුවන්ට ආචාර ධර්ම පද්ධතියක්

    August, 31, 2015

    සිදුවිය හැකි ප්‍රශ්න වලක්වා ගනිමින් සිය ප්‍රතිරූපය නංවා ගැනීම වෙනුවෙන් මෙරටට අළුත් වාහන ආනයනය කරන සමාගම් විසින් ආචාර ධර්ම පද්ධතියක් (code of conduct) හඳුන්වා දී තිබේ.

    මෙම ආචාර ධර්ම පද්ධතිය (code of conduct) ලංකා වාහන වෙළඳුන්ගේ සංගමයේ (Ceylon Motor Traders’ Association) 95 වන වාර්ෂික රැස්වීමේදී එළිදක්වන ලදී.

    මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම සංගමයේ සභාපති ගිහාන් පිලපිටිය මහතා සඳහන් කරන්නේ මෙම ආචාර ධර්ම පද්ධතිය තවත් පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

    ඇතැම් වාහන ආනයන කරුවන් අඩු වටිනාකම් සඳහන් කරමින් (under-invoicing) වාහන ආනයනය කරන බවට පසුගිය කාලයේදී චෝදනා ඉදිරිපත් විය.