යාලේ දිනක ආදායම කෝටිය පනී

    January, 4, 2023

    යාල ජාතික වනෝද්‍යානය විසින් එක් දිනක් තුළ උපයා ඇති වැඩිම ආදායම පසුගිය (02) දා වාර්තා වී තිබේ.

    ඒ අනුව මෙම දිනයේ දී යාල ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම වාර්තා වී ඇත්තේ රු. 11,264,179/- ක් ලෙසයි.

    2022 දෙසැම්බර් 23 දින සිට 2023 ජනවාරි 02 දින දක්වා දින 10ක කාලපරිචඡේදය තුළ අති විශාල සංචාරකයින් ප්‍රමාණයක් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනුව ඒම දින 10 තුළ දී වාර්තාගත ආදායමක් ඉපයීමට යාල ජාතික වනෝද්‍යානය සමත් වී තිබේ.

    මෙහිදී වැඩිම ආදායම් ලැබූ සෙසු දිනයන් පහතින් දැක්වේ.

    දෙසැම්බර් 23 වනදා රු. ලක්ෂ 39ක්

    දෙසැම්බර් 26 වනදා රු. ලක්ෂ 50ක්

    දෙසැම්බර් 29 වනදා රු. ලක්ෂ 69ක්

    දෙසැම්බර් 30 වනදා රු. ලක්ෂ 80ක්