May, 24, 2021
යුනියන් ඇෂුවරන්ස් සමාගම, පසුගියදා පැවති Global Brand සම්මාන උළෙලේදී සම්මාන 4 කින් පිදුම් ලැබීමට සමත් විය. 'වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සන්නාමය', වඩාත්ම නිර්මාණශීලී ජීවිත රක්ෂණ සන්නාමය', 'වසරේ විශිෂ්ටතම ඩිජිටල් රක්ෂණ සමාගම', සහ '2021 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රක්ෂණ නවෝත්පාදනය' යන සම්මාන මෙලෙස යුනියන් ඇෂුවරන්ස් සමාගම වෙත හිමි විය.
ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම, නව නිෂ්පාදන හා සේවාවන් හඳුන්වා දීම, නව වෙළඳපොළවල් නිර්මාණය කිරීම, සහ නිෂ්පාදන හා සේවා පරාසය වර්ධනය කිරීම හා පුළුල් කිරීම වැනි ක්‍රම ඔස්සේ විකුණුම්, ලාභ හා වෙළඳපොළ කොටස් වර්ධනය කරගැනීමට අවස්ථාව සලසා දෙන ක්‍රමෝපායක් භාවිතා කරමින්, ඒ ඔස්සේ අදාළ ක්ෂේත්‍රයේ උන්නතියට දායක වූ සමාගම් හා ආයතන Global Brand සම්මාන උළෙලේදී වාර්ෂිකව ඇගයීමට ලක්වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා මෙසේ පැවසී ය. "ගතානුගතික ක්ෂේත්‍රයක් තුළ වෙනසක් ඇතිකිරීමට සහ නවෝත්පාදන බිහිකිරීමට අප ගන්නා උත්සාහයට මෙම සම්මාන ඉතා හොඳ සාක්ෂියක්. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන, එම අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ට විශිෂ්ටතම අත්දැකීම් තිළිණ කරන ඩිජිටල් ක්‍රමවේදයන් අප ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ වගේම නව වෙළඳපොළවල් නිර්මාණය කිරීමටත්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය වඩාත් පුළුල් කරන ආකාරයේ නව හඳුන්වා දීම් සිදුකිරීමටත් අපට හැකිවුණා. නවීන තාක්ෂණික විසඳුම් ඔස්සේ වඩාත් ඉහළ තලයේ සේවාවක් ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට අවශ්‍ය පහසුකම් අපගේ කණ්ඩායම් වෙත සපයා දීමට අප කටයුතු කර තිබෙනවා. මේ සියලුම දේවල් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ දියුණුවට බලපා ඇති බව පැහැදිලියි. මේ ආකාරය ක්ෂේත්‍රයේ වෙනසක් වෙනුවෙන් පෙරමුණ ගැනීමට හැකිවීම අපට ආඩම්බරයක්."
COVID-19 රෝග ව්‍යාප්තිය නිසා මතු වූ අභියෝග හමුවේ පවා, ගනුදෙනුකරුවන්ට අඛණ්ඩව විශිෂ්ට සේවාවක් ලබාදිය හැකි ආකාරයේ පරිපූර්ණ ඩිජිටල් විසඳුම් හඳුන්වා දීමට යුනියන් ඇෂුවරන්ස් සමත් වී තිබේ. වර්තමාන ගනුදෙනුකරුවන්ට ගැළපෙන ආකාරයට, ඔවුන් සමග සමීප සම්බන්ධතා පවත්වා ගනිමින්, ඔවුන්ට සේවාවන් සැලසීම සඳහා සමාගමේ මෙහෙයුම් ආකෘතිය පූර්ණ වෙනසකට ලක්කරන ලදි. එහිදී පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් අනුගමනය කරමින්, ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලද අතර, ගනුදෙනු හා පුහුණු කටයුතු 100% ක ඩිජිටල් පදනමක් තුළ සිදුකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය හඳුන්වා දීම සිදුවිය. මේ ආකාරයට අනාගතයට ගැළපෙන ඩිජිටල් තාක්ෂණයන් භාවිතයට ගැනීම නිසා, COVID-19 රෝග ව්‍යාප්තිය පවතින කාලසීමාව තුළ පමණක් නොව ඉන් පසුව පවා, තමන්ට කැමති ස්ථානයක සිට, සුරක්ෂිතව හා පහසුවෙන් තම ගනුදෙනු කටයුතු සිදුකිරීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබී ඇත. මේ ආකාරයට, ශ්‍රී ලාංකිකයන්ගේ සම්බන්ධතා, අරමුණු හා ජීවන රටාවන්ට රැකවරණය සැලසීම යන දර්ශනය මුල්කර ගනිමින්, නව නිර්මාණයන් ඔස්සේ සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා යමින්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස ඉදිරියෙන්ම සිටීමට යුනියන් ඇෂුවරන්ස් සමත් වී තිබේ.
Global Brands Awards යනු, එක්සත් රාජධානිය පදනම් කරගත් ජාත්‍යන්තර සඟරාවක් වන Global Brands සඟරාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්මාන උළෙලකි. ක්ෂේත්‍ර ගණනාවක් තුළ විශිෂ්ට ක්‍රියාකාරීත්වයන් පෙන්නුම් කරන සමාගම් හා ආයතන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ.
ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු සහ, මෙරට වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, 2021 මාර්තු මාසය වනවිට බිලියන 18.2 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 43.8 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 326% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී.
Video Story