රක්ත වර්ණයෙන් යතාර්ථය කරා: ඔසප් සෞඛ්‍ය සාමාන්‍යකරණය කිරීමෙහිලා ප්‍රථම වරට Fems විසින් යථාර්තවාදී රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කරයි

    February, 6, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඔසප් රුධිරය නිරූපණය කිරීමට රතු පැහැය භාවිතා කරමින් සිදු කරන ලද වෙළඳ දැන්වීමක් Fems විසින් නිර්මාණය කරන ලද අතර ඔසප් සෞඛ්‍ය පිළිබඳව  සමාජයේ පවතින ආකල්පය වෙනස් කිරීම ඒ තුලින් ඔවුන් අරමුණු කරයි. Hemas Consumer Brands සතු ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems, මගින් නිර්මාණය කරන ලද මෙම රූපවාහිනී වෙළෙඳ දැන්වීම      සනීපාරක්ෂක නැප්කින් ප්‍රචාරණයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වනු නොඅනුමානයි. මෙම සුවිශේෂී  පියවර තුළින්   ඔසප් සෞඛ්‍ය යනු, සාමාන්‍ය කායික ක්‍රියාවලියක් බව  ප්‍රචාරණය  කිරීමෙන් පටු සමාජ සම්මතයන් බිඳ දැමීමට මෙන්ම  ඔසප් සෞඛ්‍ය  සම්බන්ධව පවතින   සමාජ අපකීර්තිය දුරලීමට ද  Fems අපේක්ෂා කරයි.තවද , Fems ඔසප් සෞඛ්‍ය පිලිබඳ  ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන අතර කාන්තාවන් සවිබල ගැන්වීමෙහි ලා මූලිකත්වය ගෙන  කටයුතු කරන සන්නාමයක් ලෙස ද හඳුනා ගත හැකිය.

    සෞඛ්‍ය සම්පන්න ජාතියක් ප්‍රවර්ධනය කිරීමේ සමාජ වගකීම  කෙරෙහි අවධානය යොමු කරන Fems, SLS  සහතිකයෙන් යුතු  සහ චර්ම රෝග විශේෂඥයන්   විසින් පරික්ෂා කොට තහවුරු කරන ලද නිෂ්පාදන,වෙළෙඳපලට සපයනු ලබයි. සියලු වයස් කාණ්ඩයන්හි ශ්‍රී  ලාංකික කාන්තාවන්ගේ හදවත් දිනාගෙන ඇති Fems කාන්තාවන්ට නොනැවතී ඉදිරියට යාමට අවශ්‍ය අත්වැල නොකඩවාම  සපයනු ලබයි. “Fems ඇය” නමින් දැරිය හැකි මිලකට උසස් තත්වයෙන් යුතු සනිපාරක්ෂක නැප්කිනයක් හඳුන්වා දුන් ප්‍රථම ශ්‍රී ලාංකීය සන්නාමය ලෙසද Fems  හැඳින්විය හැකිය.වසර 18කට වැඩි කාලයක් පුරාවට, Fems  විවිධ ප්‍රජා වැඩසටහන් හරහා කාන්තාවන් සවිබලගැන්වීමේ  පුරෝගාමී උත්සාහයක  නිරත වන අතර 2021 වසරේ දී ඔසප් දරිද්‍රතාව පිළිබඳව දැනුවත් කිරීමේ. සහ එයට  එරෙහිව සටන් කිරීමේ  ජාතික වැඩසටහනක්ද  දියත් කරන ලදී.