රජයේ ආයතනවල වාහන 59,000 ක්. බලෙන් සැප වාහන පාවිච්චි කරන බලවතුන් කවුද?

    September, 23, 2015

    රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ අනිකුත් ආයතන සතුව ලියාපදිංචි වූ වාහන 59,160 ක් තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු වලින් අනාවරණය වී ඇත.

    මෙහිදී, හෙළිවී තිබෙන්නේ මෙම වාහන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් පසුගිය රජය යටතේ ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් ලෙස හා වෙනත් විවිධ තනතුරුවල කටයුතු කළ මේ වනවිට එම තනතුරුවල කටයුතු නොකරන පුද්ගලයින් තවදුරටත් පරිහරණය කරන බවයි.

    මේ අනුව, නිළ හිමිකමකින් තොරව තවදුරටත් පරිහරණය කරමින් සිටින මෙවැනි වාහන නොපමාව ආපසු ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ට රජය විසින් දැනුම් දී ඇත.