• Ada Derana BIZ Sinhala
  • executives
  • Government
  • salaries
  • sri lanka

රජයේ විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසු

January, 17, 2023

2023 වර්ෂය සඳහා වන රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එමඟින් ජනනය වන ආදායම් රැස් කිරීම සඳහා යම් කාල සීමාවක් ගත වන බැවින්, රජයේ මුදල් ප්‍රවාහයේ සීමාවන්ට ගැළපෙන අයුරින් ජනවාරී මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් කළමනාකරණය කර ගත යුතුව ඇත.

ඒ අනුව, විධායක නොවන නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනයන්හීදී ගෙවීමටත්, විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමටත්, මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබ ඇති පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.