• Ada Derana BIZ Sinhala
  • circular
  • Government
  • party
  • Secretary of the Treasury
  • sri lanka

රජයේ වියදමින් ප්‍රියසම්භාෂණ තහනම් – භාණ්ඩාගාර ලේකම්ගෙන් චක්‍රලේඛයක්

November, 28, 2022

සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය ව්‍යවසායන්, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ රාජ්‍ය බැංකු විසින් සිදුකරනු ලබන විවෘත කිරීම්, නිලධාරීන් විසින් රාජකාරී භාරගැනීමට හා විශ්‍රාම ගැනීමට අදාළව පවත්වන උත්සව, සුහද හමුවීම්, ප්‍රියසම්භාෂණ ද ඇතුළුව සියලුම ආකාරයේ උත්සව පැවැත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපයීම් භාවිතා කරමින් දරනු ලබන වියදම් නැවැත්වීමට කටයුතු කළ යුතු බව නැවත අවධාරණය කරන බවත් සියලුම ආයතන ප්‍රධානීන් මෙම උපදෙස් තරයේ පිළිපැදිය යුතු බවටත් සඳහන් කරමින් භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.