රජීව් අබේසේකර Sony World Photography Awards 2023 ජාතික සම්මානයෙන් පිදුම් ලබයි

    May, 25, 2023

    ලොව පුරා වෙසෙන ඡායාරූප ශිල්පීන් හට තම දක්ෂතා ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර වේදිකාවක් සකසමින් ඡායරූප ශිල්පීන් ඇගයීම පිණිස සංවිධානය කරනු ලබන Sony World Photography Awards 2023 හි ශ්‍රී ලංකා ජාතික සම්මානය රජීව් අබේසේකර හට හිමි වී තිබේ. රජීව් අබේසේකරගේ කැමරාවට හසු වුණු ශ්‍රී ලංකාවේ වනන්තරයක වෙසෙන දිවියෙකුගෙ විශිෂ්ට ඡායාරූපයක් වෙනුවෙන් මෙම සම්මානය ලබා දෙන ලදී. සෑම වසරකම ලොව පුරා ඡායාරූප ශිල්පීන් දහස් ගණනක් මෙම සම්මාන උළෙල සඳහා අයදුම් කරන අතර ඒ අතරින් ජයග්‍රහණය කිරීම සඳහා සැබවින්ම විශිෂ්ට ඡායාරූපයක් කැමරා කාචයට නතු කරගෙන තිබිය යුතු වේ.

    Sony ආයතනය සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ බලයලත් බෙදාහරින්නා වන CameraLK ආයතනය විසින් පසුගිය මැයි මස 18 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලද G Master Mega වැඩමුළුවේදී අබේසේකරට ඔහුගේ සම්මානය ලබා දෙන ලදී. Sony ආයතනයේ සිංගප්පූරු නියෝජිතයන් වන තෝමස් සිම්, වින්සන්ට් ටේ සහ CameraLK හි කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ විසින් රජීව් අබේසේකර හට නවතම Sony A7RV කැමරාවක් සහ F/2.8 GM II කාචයක් පිරිනමන ලදී.

    ශ්‍රී ලංකාවේ ජාතික සම්මානලාභියා ලෙස රජීව් අබේසේකර Sony World Photography Awards ප්‍රදර්ශනයට සහ ප්‍රකාශනයට ඇතුළත් වේ. මෙම වැඩමුළුවේදී CameraLK ආයතනය විසින්  නවතම Sony 50mm F/1.4 GM කාච පෙළක්ද එළිදක්වන ලදී. දකුණු ආසියාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි කිරීමේ ආයතනය සහ ශ්‍රී ලංකාවේ කැමරා ආම්පන්න අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන CameraLK ආයතනය විසින්  මෙම වැඩමුළුවට සහභාගි වූවන් සඳහා ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන අරන්ත සිරිමාන්න, දිමිත්‍රි කෘස් සහ ජනප්‍රිය කලාකරුවකු වන චරිත් අබේසිංහ සමඟ ක්‍රියාකාරී සැසිද සංවිධානය කර තිබුණි.