රටවල් 116 ක් පරදා ඉහළම ජාත්‍යන්තර සම්මානයක් අපේ මනස්කාන්ත නිකේතනයක් දිනාගනී -Photos

    July, 10, 2015

    සංචාරක හෝටල් කර්මාන්තයෙහි ජාත්‍යන්තර ප‍්‍රමිති හා තත්ත්ව අනුකූලතාවයන් සඳහා ලෝකයේ පිරිනැමෙන ඉහළම සම්මානය අතිශය මනස්කාන්ත අනුරාධපුර ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝට් නිකේතනය විසින් දිනාගෙන තිබෙන අතර මෙය මෙරට සංචාරක ක්ෂේත්‍රයට ඉහළ අභිමානයකි.

    මේ අනුව, ස්පාඤ්ඤයේ පිහිටි Business Initiative Directions ආයතනය මෙහෙය වූ මෙම තරගාවලියේදී ISL හෙවත් International Star for Leadership In Quality ජාත්‍යන්තර රන් සම්මානය (Gold Category Award) ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝට් නිකේතනය විසින් දිනා ගැනීමට සමත් වී ඇත.

    BID (Business Initiative Directions) සංවිධානය මගින් නොයෙකුත් අංශයන් ඔස්සේ කළ විමර්ශනයන් හි, ප‍්‍රතිඵලයක් ලෙස මෙම සම්මානය ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝට් නිකේතනය වෙත පිරිනමා තිබෙන අතර මෙම සම්මානය ලබා ගැනීම සඳහා රටවල් 116 ක ප‍්‍රකට සංචාරක හෝටල් සහ ආගන්තුක සත්කාර ආයතන රැසක් ඉදිරිපත් වී තිබීම කැපී පෙණුනි.

    මෙම විචිත්‍රවත් සම්මාන උළෙල පසුගිය 28 දා පැවැත්වුණේ ප‍්‍රංශයේ පැරිස් නුවර කොන්කෝර්ඩ් කන්වකෝසුන් ශාලාවේදීයි. මෙහිදී, එම සම්මානය BID සභාපති, ජොසෙ ඊ ප‍්‍රීටෝ මහතා සහ Impress ප‍්‍රධාන සංස්කාරක Dayre L Fickling යන මහත්වරුන් විසින් ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝට් නිකේතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ, බාලදුරගේ චන්ද්‍රසිරි මහතාට පිරිනමන ලදී.

    එම අවස්ථාවට ෆොරස්ට් රොක් අලෙවි කළමනාකරණ උපදේශක, වෙදගේ දොන් වසන්ත කුමාර මහතාද සහභාගී විය. මෙම සම්මානය රැගෙන පසුගිය ජූලි මස 03 වනදා පෙරවරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණි ෆොරස්ට් රොක් සමූහයේ අධ්‍යක්‍ෂවරු පිළිගැනීමේ විශේෂ උත්සවයක්ද ගුවන් තොටුපොළේදී සංවිධානය කර තිබුණි.

    අනුරාධපුරයේ ත්‍රිකුණාමල පාරේ, අන්දර වැව, අංක 341 ක ස්ථානයේ පිහිටි මෙම මනස්කාන්ත නිකේතනය මගින් සංචාරකයින්ට අද්විතීය අසමසම අත්දැකීමක් ලබාදෙයි.

    සේයාරු වලින් මෙම සුන්දර නිකේතනය සහ ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝට් නිකේතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ, බාලදුරගේ චන්ද්‍රසිරි මහතා සම්මානය ලබාගන්නා ආකාරය දැක්වෙයි.
    r01r05r06r03r02r04