රටවල් 120 ක ප්‍රදර්ශනාගාර 6,000කට අධික සංඛ්‍යාවක් හිමි KUKA HOME දැන්  ශ්‍රී ලංකාවේ

    August, 18, 2026

    ලොව ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ සන්නාමයක් වන KUKA HOME හි ප්‍රථම ශ්‍රී ලාංකික ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කෙරිණි. නවීන ජීවන රටාවන්ට ගැළපෙන නවතම විලාසිතාවන් අනුව නිෂ්පාදනය කරන ලද ගෘහ භාණ්ඩ සහනදායී මිලට ලබාදීම සම්බන්ධයෙන් ලොව පුරා ජනප්‍රියත්වයක් දිනා ඇති KUKA HOME සන්නාමයේ මෙරට නියෝජිතයා ලෙස, Finco Holdings හි ගෘහ භාණ්ඩ අලෙවි අංශය වන Finco Homes කටයුතු කරයි.

    වසර 40 කට අධික ඉතිහාසයක් හිමි KUKA HOME  හි නිර්මාණකරණ සැලසුම් සඳහා විවිධ අවස්ථාවලදී සම්මාන හා ඇගයුම් හිමි වී තිබේ. එමෙන්ම පේටන්ට් බලපත්‍ර හිමි විශේෂ තාක්ෂණයන්ද එම සමාගම සතුය. ලොව රටවල් 120 කට අධික සංඛ්‍යාවක එහි අලෙවිසැල් 6,000 කට වැඩි වැඩි ගණනක් විවෘත කර ඇත. KUKA HOME හි ගෘහභාණ්ඩ සියල්ලම නිපදවනු ලබන්නේ ලොව නවතම විලාසිතා හා ප්‍රවණතාවන්ට ගැළපෙන පරිද්දෙනි. මේ සියලු ගෘහභාණ්ඩ වැඩි පිරිසකට පහසුවෙන් මිලදී ගැනීමට හැකි වන ආකාරයට සහනදායී ලෙස මිල නියම කර තිබීම විශේෂත්වයකි.

    “ශ්‍රී ලාංකිකයන්ගේ අපේක්ෂාවන්ට ගැළපෙන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන සැපයීමේ හැකියාව ඇති ගෘහ භාණ්ඩ සන්නාමයක් සඳහා මෙරට වෙළෙඳපොළ තුළ පැහැදිලි ඉඩක් පවතින බව Finco Homes හි අප හඳුනාගත්තා. විශිෂ්ට නිර්මාණකරණ සහ නිෂ්පාදන හැකියාවක් සහිත, සුවිශාල ජාත්‍යන්තර කීර්තියක් දිනූ KUKA HOME ශ්‍රී ලංකාවට සහ එහි වෙළඳපොළට ඉතාමත් හොඳින් ගැළපෙන සන්නාමයක් බව අප විශ්වාස කරනවා.” Finco Homes Pvt Ltd හි ප්‍රධාන විධායක නිලධාරී සෆ්රාස් කරීම් මහතා පැවසීය.

    1982 වසරේදී ආරම්භ වූ KUKA HOME, චීනය, මෙක්සිකෝව, ඇමරිකා එක්සත් ජනපදය සහ වියට්නාමය යන රටවල නිෂ්පාදන කර්මාන්තශාලා 14 ක් මෙන්ම ඉතාලියේ මිලාන් නගරයේ පිහිටි නිර්මාණ සැලසුම් මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යයි. යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ නිර්මාණකරණ ආයතන කිහිපයක් සමඟද එම සමාගම හවුල්කාරීත්වයන් ගොඩනංවාගෙන තිබේ.

    “පර්යේෂණ, නිර්මාණකරණ සැලසුම්, ශිල්පීය නිපුණත්වය, තාක්ෂණය සහ තිරසාර නිෂ්පාදනය කෙරෙහි මෙතරම් දැඩි අවධානයක් යොමු කරන ජාත්‍යන්තර ගෘහ භාණ්ඩ සන්නාමයක් සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. KUKA HOME යනු ශ්‍රී ලංකාවේ ගෘහභාණ්ඩ ක්ෂේත්‍රයට එක්වන සුවිශේෂී පාර්ශ්වකරුවෙක්. මින් ඉදිරියට මෙරට පාරිභෝගිකයන්ට සුවපහසුවත් ක්‍රියාකාරීත්වයත් නවීනත්වයත් එක්තැන් කරන, පුළුල් පරාසයක පැතිරුණු සම්මානනීය ගෘහභාණ්ඩ එකතුවක් KUKA HOME වෙතින් මිලදී ගැනීමට හැකි වේවි.” Finco Homes පුද්. සමාගමේ අධ්‍යක්ෂ තරූෂ වීරසූරිය මහතා පැවසුවාය.

    සම්පූර්ණයෙන්ම Concept Store වර්ගයේ වෙළෙඳසැලක් ලෙස, පාරිභෝගිකයන්ට නැවුම් හා සජීවී අත්දැකීමක් හිමි වන ආකාරයට මෙම ප්‍රදර්ශනාගාරය සැලසුම් කර ඇත. සැබෑ නිවෙස්වලට සමාන ප්‍රදර්ශන කාමර තුළ මෙම භාණ්ඩ ප්‍රදර්ශනය කර ඇති නිසා, පාරිභෝගිකයන්ට තම නිවෙස්වලට සහ තම ජීවන රටාවට හොඳින් ගැළපෙන ගෘහභාණ්ඩ තෝරාගැනීම පහසු වේ. මෙම ගෘහභාණ්ඩ එකතුව, නවීන තාක්ෂණය සහ Smart Living සංකල්පය මත පදනම් වූ KUKA HOME සතු නවෝත්පාදන සහ පාරිභෝගික-කේන්ද්‍රීය නිර්මාණ දර්ශනය මැනැවින් පිළිබිඹු කරයි.

    KUKA HOME හි ගෘහභාණ්ඩ එකතුව පරීක්ෂා කිරීම සඳහා www.kukahome.lk වෙත පිවිසෙන්න.

    තිරසාරත්වය KUKA HOME හි ව්‍යාපාරික දැක්මෙහි මූලික අංගයකි. සමාගම සිය නිෂ්පාදන සඳහා පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වගකීම්සහගත ලෙස භාවිතා කරන අතර, සිය කාබන් පියසටහන (Carbon Footprint) අවම කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරයි. එමෙන්ම, වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සඳහාද සමාගම නිරන්තරයෙන් පියවර ගනිමින් සිටී.

    KUKA HOME ප්‍රදර්ශනාගාරය අංක 12, ඇල්ෆ්‍රඩ් හවුස් ගාර්ඩන්ස්, කොළඹ 03 යන ස්ථානයෙහි පිහිටා ඇති අතර, එය සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා විවෘතව පවතී.