October, 26, 2022
විගමන ශ්‍රමිකයන් හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා දිරිගැන්වීම් ලබා දීම
එතෙර රැකියා වල නියුතු ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම දිරිගැන්වීමේ අරමුණි හඳුනාගනු ලැබූ සහනයන් සලසා දීම පිණිස 2022.08.08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී තිබේ.
ඒ් අනුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලැබ ඇති අතර සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයන් හට ඇමෙරිකානු ඩොලර් 25,000 ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් ද, ඇමරිකානු ඩොලර් 65,000 ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ද ආනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇත.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලද, විගමනික ශ්‍රමිකයන් විසින් එතෙරදී උපයනු ලබන විදේශ විනිමය ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිගැනිවීමේ අරමුණින් ගනු ලැබ ඇති පහත සඳහන් පියවරයන් සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
Video Story