රට වෙනුවෙන් පොදු රද මඩුලු රන්-රිදී දිනූ පුතුන්ට ඩයලොග් උපහාර

    August, 7, 2026

    ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා මෙන්ම මෙරට ක්‍රීඩාවේ ප්‍රබලම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී වෙතින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ගෞරව ගෙනදුන් ක්‍රීඩකයින් විශේෂ ඇගයීමකට ලක්විය.

    ඒ අනුව 2026 අගෝස්තු 5 වැනිදා පැවැති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වීරයන්ට ජනතා හසරස පිදෙන වීථි සංචාරය අතරතුර, පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් පළමු රන් පදක්කම දිනාදුන් රුමේෂ් තරංග සහ එහිදී පැරා ක්‍රීඩාවෙන් රිදී පදක්කමක් දිනාදුන් පාලිත බණ්ඩාර යන ක්‍රීඩකයෝ ඩයලොග් ආසිආටා සමාගමේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී, ඩයලොග් ආසිආටා පීඑල්සී හී සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ අතින් විශේෂ ත්‍යාග හිමිකර ගත්හ.

    වර්ෂ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල දක්වා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිල සන්නිවේදන සහකරු ලෙසින් කටයුතු කරමින් මෙරට අංක එකේ ඔලිම්පික් බලාපොරොත්තුව බවට පත්වන රුමේෂ් තරංග ප්‍රමුඛ දක්ෂයින් මෙන්ම මෙරට පැරා ක්‍රීඩාවේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් පාලිත බණ්ඩාර ඇතුළු එම ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂයන් බලගැන්වීමට ඩයලොග් ඇපකැපවී කටයුතු කරයි.

    Video Story

    Stock Market

    Exchange Rates