රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්තශාලාව ඉදිරිකිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට

    December, 12, 2023

    ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් ක්‍රියාත්මක වන දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්තශාලාව සැලසුම් කර ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවා ඇත.

    ඒ අනුව, ලංසු 09ක් ඉදිරිපත් වී ඇති අතර ලංසු 02ක් ප්‍රතික්ෂේප වී තිබේ.

    ඉතිරි ලංසු 07 ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගම වෙත එකී කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.