‘රන් තුන් තෑගි වරම’ CDB රන් ණය සේවාව වෙතින් රන් පවුමට වැඩිම මිලක් සහ තවත් තෑගි

    December, 1, 2021

    මෙරට ජනතාවගේ හදිසි මුදල් අවශ්‍යතාවයන්ට විසඳුම් ලබාදීම සඳහා සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය තම රන් ණය සේවාව 'රන් තුන් තෑගි වරම' සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ තවත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. වර්තමානයේ පවතින COVID වසංගත තත්ත්වය නිසා නොයෙකුත් ආර්ථික අපහසුතාවයන්ට ලක්වී  සිටින ජනතාව, තමන්ට ඇති වන විවිධ මුල්‍ය අවශ්‍යතාවලට විසඳුම් සොයා ගැනීම සඳහා රන් ණය සේවා වෙත යොමු වන බව සුලභව පෙනෙන්නට තිබෙන කරුණකි. මෙරට ජනතාවගේ මුල්‍ය අවශ්‍යතා පිළිබඳව මෙන් ම ඒ සඳහා සරිලන ම විසඳුම් පිළිබඳව  ඉතා හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරන CDB ආයතනය තම රන් ණය සේවාව මඟින් රන් පවුමක් සඳහා රුපියල් 102,500/- ක ඉහළ ම අත්තිකාරම් මුදලක් ලබා දීමට කටයුතු කරයි.

    CDB වෙතින් රන් ණය ගනුදෙනුකරුවන් වෙනුවෙන් එළි දැක්වූ මෙම 'රන් තුන් තෑගි වරම’ ප්‍රවර්ධන වැඩසටහන මඟින් සෑම ගනුදෙනුකරුවෙකුටම වටිනා ත්‍යාගයක් හිමි කර ගැනීමට අවකාශය හිමි වේ.  ප්‍රවර්ධන කාලසීමව ඇතුලතදී රු.50,000 ට වැඩි රන් ණය ගනුදෙනු කරනු ලබන පාරිභෝගිකයන්ට මෙම ත්‍යාග යෝජනා ක්‍රමය තුළින් වටිනා ත්‍යාගයක් හිමි කර ගැනීමට අවස්ථාව හිමිවේ. ගනුදෙනුවේ වටිනාකම අනුව අදාල ත්‍යාගය, ත්‍යාග යෝජනා ක්‍රමය මඟින් තීරණය කෙරේ. එමෙන්ම CDB ආයතනය ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය 100% ක් සුරැකීම මෙන්ම සියලුම රන් භාණ්ඩ වලට උපරිම ආරක්ෂාවක් ලබාදීමට ද බැඳී සිටී.

    CDB වෙතින් ලබා ගන්නා රන් ණය සඳහා පළමු දින 10 ට කිසිදු පොලියක් අය නොකිරීම ගනුදෙනුකරුවන්ට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයකි. එමෙන් ම CDB ආයතනය රන් ණය සඳහා අයකරන අඩු පොලී ප්‍රතිශත සහ හදුන්වා දී ඇති නම්‍යශීලී පහසු ගෙවීමේ ක්‍රමවේදයන් මෙන් ම  පූර්ව දැනුම් දීමකින් තොරව ණය මුදල අර්ධ වශයෙන් ගෙවා නිම කිරීමේ හැකියාව ද මෙහි ඇති තවත් විශේෂත්වයකි. ඊට අමතරව නවීන තාක්ෂණික ක්‍රමවේද සහ පළපුරුදු වෘත්තිකයින් ගෙන් සැදුම්ලත් කාර්යමණ්ඩලය  මඟින් තම ගනුදෙනුකරුවන්ට  කාර්යක්ෂම සේවාවක් ලබාදීමට කැපවන CDB ආයතනය විනාඩි 3 ක් වැනි ඉතා කෙටිකාලයක්  ඇතුළත රන් ණය මුදලක් ලබා දීමට කටයුතු කිරීම ද විශේෂත්වයකි.

    CDB රන් ණය සේවාව මඟින් ලබාදෙන මෙම සුවිශේෂී වරප්‍රසාදයන් පිළිබඳව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවි, දර්ශන ජයසිංහ මහතා මේ අයුරින් අදහස් දැක්වීය; "CDB කියන්නෙ ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා ගැන ඉතාමත් හොඳින් අවබෝධ කරගනිමින්, ඒවාට නිසි විසඳුම් ලබාදෙන මුල්‍ය ආයතනයක්. වර්තමානයේ කොවිඩ් වසංගතය නිසා සියලුම දෙනා ආර්ථිකව යම් යම් අපහසුතාවයන්ට ලක්වී තිබෙනවා. ඔවුන්ගේ මෙම මුල්‍ය අවශ්‍යතාවන් සඳහා  විසඳුම් ලබාදීමේ අරමුණින් අපි අපගේ රන් ණය සේවාව මඟින් ලබාදෙන ප්‍රථිලාභ වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේමයි ගනුදෙනුකරුවන්ගේ පහසුව උදෙසා ම ඉතාමත් කාර්‍යක්ෂම සේවාවක් ලබාදීමටත් අපි කැප වෙනවා".

    CDB වෙතින් රන් ණය මුදලක් ලබා ගත් පසුව ඊට අදාළ වාරික මුදල් හෝ පොලිය ගෙවීම සඳහා එම ශාඛාව වෙත ම පැමිණීම අනිවාර්යය නොවන අතර, දිවයින පුරා පිහිටි ඕනෑම CDB ශාඛාවකින් අදාළ ආපසු ගෙවීම් කටයුතු සිදුකිරීමේ හැකියාව ගනුදෙනුකරුවන් වෙත උදා කොට දී තිබේ. සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 8.30 සිට ප.ව 5.30 දක්වා ද සෑම සෙනසුරාදා දිනක ම පෙ.ව 8.30 සිට ප.ව 2.00 දක්වා ද සියලුම CDB ශාඛා විවෘතව පවතින බැවින්, එම කාලසීමාව ඇතුළත ඕනෑම වේලාවක රන් ණය සේවාව ලබා ගැනීමට පාරිභෝගික ජනතාවට හැකිය.

    ළඟම පිහිටි CDB ශාඛාව වෙත පැමිණීමෙන් හෝ 0117388388 යන දුරකථන අංකයට ඇමතීමෙන් CDB රන් ණය සේවාව පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත හැකිය.

    ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම තිරසර සමාගම් දහය සහ ප්‍රමුඛත ම ව්‍යාපාර තිහ මෙන්ම විශාලත ම බැංකු නොවන මුල්‍ය ආයතනය පහ අතර රැඳෙන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය, දිවයින පුරා විහිදුනු ශාඛා ජාලය සහ නවීන තාක්ෂණය සමගින් මෙරට මුල්‍ය හුවමාරු ක්‍රමවේද දැවැන්ත වෙනසකට ලක්කර ඇත. වැඩිදුර විස්තර සඳහා www.cdb.lk වෙත පිවිසෙන්න.