February, 2, 2023
ගෝලීය වෙළෙඳපොළේ රත්රං අවුන්සයක මිල අද (02) දිනයේ දී ඩොලර් 1,957 සීමාව දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය තුළ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 178,500 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රු. 193,000 ක් ලෙසිනි.
ඊයේ (01) දිනයේ දී හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 176,700 ක් ලෙසත් කැරට් 24 රන් පවුමක මිල රු. 191,000 ක් ලෙසත් සටහන්ව තිබුණි.

Video Story