රනින් රටක් බලගැන්වූ අසිරිමත් ජයග්‍රහණය

    September, 7, 2021

    ජයග්‍රහණය යනු ඉමහත් කැපකිරීමකම ප්‍රතිඵලයකි, එයට වෙනත් කිසිදු බාධාවන් නොමැත යන්න මැනවින් සනාථ කරනු ලැබූ සිදුවීමක් සිදුවිය. ඒ ශ්‍රී ලාංකීය පැරාලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් මුළු ලොවම අභිබවමින් ලෝක වාර්තාවක්වද සමගින් 2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ දී F46 කාණ්ඩය යටතේ පැවැත්වූ හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වේදී මීටර් 67.79ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වීමය.

    මෙවැනි සුවිශේෂී දක්ෂතා සහිත තරගකරුවන්ගේ ඉතිහාසයක වත්මන් නියෝනය වන 2020 ටෝකියෝ පැරාලිම්පික් නියෝජනය කරන ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිද දක්ෂතා දැක්වීම වෙනුවෙන් අභිමානවත් අනුග්‍රාහක දායකත්වය සැපයීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට මෙවර ඉදිරිපත්ව ඇත. මෙයට අමතරව ජාතික පැරාලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා යුධ හමුදා පැරාලිම්පික් ක්‍රීඩා කමිටුව ද සිය අඛණ්ඩ අනුග්‍රාහක දායකත්වය සපයයි.

    මෙවර ශ්‍රී ලාංකීය පැරාලිම්පික් කණ්ඩායමේ නායකයා වන දිනේෂ් ප්‍රියන්ත, ශ්‍රී ලාංකීය කණ්ඩායමේ සිටින ඔලිම්පික් පදක්කම් ලාභී, අත්දැකීම් සහිත මෙන්ම ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩයකයන් අතරින් කෙනෙකි. මේ නිසාම මෙවර ටෝකියෝ පැරාලිම්පික් සමාරම්භක උළෙලේදී ශ්‍රී ලාංකීය ධජය රැගෙන යාමේ භාග්‍යයද ඔහුට හිමිවීම ඔහුට මනා උත්තේජනයන් සැපයීමට ද හේතුවක් වන්නට ඇත.

    2008 වසරේදී කිලිනොච්චියේ අක්කරායනකුලම් ප්‍රදේශයේ ක්‍රීයාන්විත මෙහෙයුම් කාර්යයේ නිරතව සිටියදි වම් අතට එල්ල වූ වෙඩි ප්‍රහාර තුනක් හේතුවෙන් ආබාධි තත්ත්වයට පත්වන දිනේෂ්, වසර හතරක පමණ කාලයක් ප්‍රතිකාර ලැබීමට යොමුවිය. අභියෝගයන් යනු ජීවිතය ජයගැනීමට අත්‍යවශම දේවල් ය. අභියෝගයන් තුළින් පන්නරය ලබා ගනිමින්, නැවත ජීවිතය ශක්තිමත් කරගෙන පෙරළා ජීවිතයට මුහුණ දීම වැටුණු සැමගේ බලාපොරොත්තුව විය යුතු ය. සිය ආබාධිත බවට අභියෝග කරමින් ඉන් වසර හතරකට පසුව දිනේෂ් පැරාලිම්පික් ක්‍රීඩකයෙකු විදිහට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාවට යොමුවන්නේ, අවතැන්වූ සිටි මනසට ශක්තියක් ලබා දීමේ අරමුණිනි.

    දිනෙන් දින සුවපත්වන මනසත්, වර්ධනය වන දක්‍ෂතාවයන් ද සමගින් ක්‍රීඩකයෙකු ලෙස සිය ස්ථාවරත්වය සකසා ගැනීමට සමත් වූ දිනේෂ්, දේශීය පැරාලිම්පික් තරග තුළ සිය දක්‍ෂතාවයන් පෙන්වමින් පළමු වරට 2016 වසරේදී රියෝ පැරාලිම්පික් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගනිමින් ජාත්‍යන්තර තලයේ සුවිශේෂී අවධානයක් දිනාගත් ලාංකීය ක්‍රීඩකයෙකු බවට පත්විය. මෙරට පැරාලිම්පික් ක්‍රීඩාව මෙන්ම ලාංකීය පැරාලිම්පික් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් සමාජය තුළ සැමගේ අවධානය දිනා ගනිමින් ඔහු විසින් හිමිකරගත් එම ජයග්‍රහනය ලාංකීය අනාගත පැරාලිම්පික් ජයග්‍රහණ රැසක් ලැබීමේ අපේක්‍ෂාවන් අප තුළ ඇති කළේය. ඒ ඔස්සේ යමින් 2017 වසරේ දී ලන්ඩන් නුවර පැවති ලෝක පැරා මළල ක්‍රීඩා තරගයේදී ලෝකඩ පදක්කම, 2018 වසරේ ජකර්තා නුවර පැවති ආසිායනු පැරා තරගයේදී රන් සහ 2019 වසරේ ඩුබායි නුවර පැවති පැරා මළල ක්‍රීඩා තරගයෙන් රිදී පදක්කම ආදී වශයෙන් අඛණ්ඩව ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත් වූ දිනේෂ්, අනාගත පැරාලිම්පික් රන් සිහිනයේ සමස්ත ලාංකීය ජනතාවගේ අපේක්‍ෂාව බවට පත්විය. 

    ගෝලීයව පවතින් වසංගත තත්ත්වය තුළ ඇතිකළ සමාජ පරිසරය තුළ විධිමත් ආකාරයෙන් සිය පුහුණුවීම් කාර්යයන් කිරීමේ අවකශය නොලැබී යාමේ තත්ත්වයක් තුළ වුවද, සිය ක්‍රීඩාශීලීත්වය වගේම අධිෂ්ඨානය එක ලෙස රඳවා ගබා ගැනීමට සමත් වූ දිනේෂ්, මෙවර රන් පදක්කම දිනා ගැනීමේ සිහිනය දකිමින් අඛණ්ඩ පුහුණුවීම් කාර්යයේ නිරතවීම අප සැමගේ ගෞරවයට ලක් විය යුතු කරුණකි. එම සිහිනය ඒ ආකාරයෙන්ම සපුරා ගැනීමට හැකිවීම ලාංකීය පැරාලිම්පික් ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයන් අංශයෙන් පමණක් නොව සමස්ත මළල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේම නව පිබිදීමක් ඇතිවීමට හේතුවක් වනු නොඅනුමානය.

    ගෝලීය වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත වූවන් බලගැන්වීමේ කාර්ය වෙනුවෙන් ක්‍රියාත්මක පැරාලිම්පික් තරගාවලියේ ඉතිහාහසය තුළ ලාංකීය නියෝජනය සම්බන්ධයෙන් විමසීමේදී ශ්‍රී ලංකාව පළමු වරට පැරාලිම්පික් තරගාවලියක් සඳහා සහබාගි වෙන්නේ 1996 වසරේදිය. ඉන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම හිමිකර දෙනු ලබන්නේ 2012 වසරේ ලන්ඩන් පැරාලිම්පික් තරගාවලියේදී මීටර් 400 පිරිමි ධාවන තරගය නියෝජනය කරමින් සහභාගී වූ හිටපු යුධ හමුදා සෙබල ප්‍රදීප් සංජය ය. අතක් අහිමි ඔහු එහිදී ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සියලු ආබාධිතයන්ට ශක්තියක්  හා ආදර්ශයක් වෙමිනි. එම ජයග්‍රාහී කිරුළ අඛණ්ඩව ලාංකීය මාතවට තිළිණ කරමින් 2016 වසරේ රියෝ ද ජැනයිරෝ නුවර පැවති පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ පිරිමි තරගයෙන් දිනේෂ් පියන්ත ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට සමත් විය. ඔහු විසින් මෙවර රන් පක්කම හිමිකර ගැනීම ලාංකීය ඔලිම්පික් තරග ඉතිහාසය තුළ ස්වර්ණමය මතකයන් රැසක් ලියවීමේ සමාරම්භක අවස්ථාව වනු නිසැකය.