• Ada Derana BIZ Sinhala
  • Raigam Tele’es
  • sri lanka

රයිගම් ටෙලීස් 2022 19 වැනි සම්මාන උළෙල 2023 මාර්තු 25 වැනිදා 

December, 2, 2022

රයිගම් ටෙලීස්  2022 19 වැනි සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා පැවැත්වුණි.

රයිගම් ටෙලීස් - ජාතියේ ටෙලි සම්මාන

විවිධ කලා ක්‍ෂේත්‍රයන්හි නියැලි ශිල්පීන්ගේ නිර්මාණ කුසලතාවයන් ඇගයීම තුළ වඩාත් ඉහළ නිර්මාණශිීලිී හා ගුණාත්මක නිර්මාන බිහිකිරීම උනන්දු කරවීම සඳහා දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන උළෙල රාශියක් පැවැත්වේ. 1964 මැයි මස 9 වැනි දින පැවති සරසවිය සිනමා සම්මාන උළෙල ශ්‍රී ලාංකික අපේ කුඵඳුල් දේශීය සම්මාන අත්දැකීමවූ අතර, පසුකාලීනව රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික සමාගම් විසින් සිනමා නාට්‍ය හා රූපවාහිනී සම්මාන උළෙල රැසක් එක්කළ අතර ඉන් උළෙල  කිහිපයක් මේ වන විට නොපැවැත්වෙන අතර තවත් සමහර උළෙල වරින් වර පැවැත්වෙන බව දැකිය හැකිය.

මෙම තත්ත්වය යටතේ දිවයිනේ ප්‍රසිද්ධ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රයිගම් සමූහ සමාගම විසින් 2005 වර්ෂයේදී හඳුන්වා දුන් රයිගම් ටෙලීස් උළෙල අඛණ්ඩව වාර්ෂිකව පැවැත්වේ. මේ වනවිට දිවයිනේ ප්‍රමුඛතම මෙන්ම වඩාත් ආකර්ෂනීය සම්මාන උළෙල බවට රයිගම් ටෙලීස් පත්වී ඇති අතර අඛණ්ඩව වර්ෂ 18 ක් ඉතා සාර්ථකව පවත්වා ඇත. විශේෂයෙන්ම නිර්මාණ විනිශ්චයේදී ඉහල ගුණාත්මක භාවයක් රඳවා ගැනීම, සෑම විටම නව්‍යකරනයෙන් යුත් සම්මාන උළෙලක් පැවැත්වීම සහ වැඩිම නාලිකා සංඛ්‍යාවක් ඔස්සේ විකාශය කිරීම  මෙන්ම සමාජ මාධ්‍ය තුළ ඉහල අවධානයක් දිනාගැනීම වැනි හේතුන් මෙම තත්ත්වය කෙරෙහි බලපාන ලද ප්‍රධාන සාධක වේ.

රයිගම් ටෙලීස්  - දේශීය සම්මාන උළෙල සංස්කෘතියට නවාංග හඳුන්වා දෙමින් පුරෝගාමී මෙහෙවරක නියැලී ඇත. විශේෂයෙන් ජාත්‍යන්තර  උළෙල සංස්කෘතිය හා යමින් ප්‍රධාන උළෙලට පෙරාතුව නිර්දේශිත නාම ප්‍රසිද්ධකිරීම ප්‍රථම වරට හඳුන්වා දුන්නේ රයිගම් ටෙලීස් වන අතර, සිය`ඵ නිර්දේශලාභීන්ට වටිනා රක්‍ෂණ ප්‍රතිලාභයක් සමග සම්මානලාභීන්ට ඉහල මුදල්ත්‍යාගයන් පිරිනමන ලද්දේ ද රයිගම් ටෙලීස් විසිනි.

රයිගම් ටෙලීස් උළෙල අඛණ්ඩව හා ස්වාධීනව  පවත්වාගෙන යාම ස්ථිර කිරීම සඳහා රයිගම් ටෙලීස් ලෙකම් කාර්යාලය නමින් වාණිජ පරමාර්ථයෙන් තොර ආයතනයක් ස්ථාපිතකර ඇති අතර ප්‍රවීණ හා විද්වත් උපදේශක මණ්ඩලයක් යටතේ එම ආයතනය ක්‍රියාත්මක වේ.

රයිගම් ටෙලීස් හි සාර්ථකත්වය සඳහා සම්පත් බැංකුවේ හවුල් කාරීත්වයෙන් ලැබුණු ශක්තිය ප්‍රභල හේතුවක් විය.

 

අයදුම් කිරීමේ හා තෝරාගැනිමේ ක්රියාවලිය

සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරාගැනිමේ ක්‍රියාවලිය ආරම්භවන්නේ අයදුම්පත් භාරගැනීම පිළිබඳ ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමෙන් හා නාලිකා වෙත යොමු කෙරෙන අයදුම්පත් කැඳවීමේ ලිපි මගිනි. සියලු අයදුම්පත් අදාල නාලිකා ප්‍රධානී විසින්  සලකාබැලෙන වර්ෂයට අදාලව විකාශය වූ බවට සහතික කළ යුතුය. නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි රූපවාහිනී චැනල මේ සඳහා සුදුසුකම් නොලබයි.

මෙවර 2022 වර්ෂයට අදාල අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2023 ජනවාරි 15 ලෙස තීරණය කර ඇත.

උළෙල සඳහා ඉදිරිපත්වන සිය`ඵ නිර්මාණ නිපුණ හා ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක්කෙරේ.

 

රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලය

බුද්ධදාස ගලප්පත්ති මහතා             - සභාපති

මහාචාර්ය රෝහිනී පරණවිතාන    - සාමාජික

රවීන්ද්‍ර ගුරුගේ මහතා                   - සාමාජික

හංසමාලා රිටිගහපොල මහත්මිය   - සාමාජික

ජයනාත් ගුණවර්ධන මහතා            - සාමාජික

අරුණ ගුණරත්න මහතා                  - සාමාජික

රංග දසනායක මහතා                       - සාමාජික

සමන් වික්‍රමාරච්චි මහතා               - සාමාජික

චම්මින්ද වෙලගෙදර මහතා            - සාමාජික

අබ්දුල් හමීඩ් මහතා                           - සාමාජික

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයල ටෙලිනාට්‍ය නඵවාල සහ නිළිය ප්‍රේක්‍ෂක මනාපයෙන් තෝරාගන්නා අතර වඩාත්ම ජනගත ටෙලිනාට්‍යයල රූපවාහිනී වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය දීප ව්‍යාප්ත ජනතා සමීක්‍ෂණයක් මගින් තීරණය කරනු ලැබේ. විශේෂ ප්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ විශේෂ උපදේශක සභාවක් මගින් සිදුකෙරේ.

මෙවර ඇතුළත් නවාංග

පසුගිය සම්මාන උළෙලේදි වඩාත් ජනගත ටෙලිනාට්‍යය, රූපවාහිනී වැඩසටහන සහ රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය නමින් නව සම්මාන කුලකයක්  රයිගම් ටෙලීස් විසින් හඳුන්වා දී ඇත. වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නඵවා සහ නිළිය පාඨක මනාපය අනුව තීරණය කළද ඒවා ජනතාව අතර වඩාත් මුල්බැසගත් නිර්මාණ ඒවා නොවන්නට ඉඩ ඇත. මේ අනුව වඩාත් ජනගත නිර්මාණ තීරණය කිරීම සඳහා ප්‍රවීණ ප්‍රජාවිද්‍යාවේදීයෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්‍ෂමන් දිසානායකයන්ගේ අධීක්‍ෂණය යටතේ දීපව්‍යාප්ත ජනතා සමීක්‍ෂණයක්  පැවැත්වෙනු ඇත.  මෙම නව කුලකය ශ්‍රී ලංකාවේ ටෙලි සම්මාන සංස්කෘතියේ පාර්ශවකරුන් අතර ඉහළ පිළිගැනීමක් හිමිකරගෙන ඇත.

ජනගත කුලකයේ පහත දැක්වෙන සම්මාන සඳහා 2023 පෙබරවාරි මස 23 වන දිනට පෙර තම අයුදුම්පත් යොමු කරන ලෙස සියලු රූපවාහිනී නාලිකාවන්ගෙන් ඉල්ලා සිටිමු.

-           වඩාත් ජනගත ටෙලිනාට්‍යය

-           වඩාත් ජනගත රූපවාහිනී වැඩසටහන

-           වඩාත් ජනගත ප්‍රවෘත්ති විකාශය

 

සම්මාන කුලක හතක් සහ උළෙල දෙකක්

වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ප්‍රධාන උළෙලයන් දෙකකින් සමන්විත වේ. ඒ නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල - Nomination Evening සහ අවසාන සම්මාන රාත්‍රියයි.

නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල

ඔස්කා වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙල වල ආභාෂයන් දේශීය සම්මාන උළෙල සඳහා ද යොදා ගනිමින් අවසාන සම්මාන රාත්‍රියේදී සම්මාන සඳහා නිර්දේශීත නාමයන් කලින් ප්‍රකාශ කිරීමේ උළෙලක් ප්‍රථම වරට හඳුන්වා දෙන ලද්දේ රයිගම් ටෙලීස් විසිනි. යම් කලා නිර්මාණයක් හෝ හැකියාවක් ඇගයීම ගුණාත්මක තීන්දුවක් වන අතර සමහර විටකදී නිර්දේශිතයන් තිදෙනාම එක හා සමාන දක්‍ෂයන් විය හැකිය. සම්ප්‍රදායික සම්මාන උළෙල වලදී සිදුවන්නේ එක් තැනැත්තෙක් පමණක් සම්මානය ලැබීමත් අනෙක් දෙදෙනාගේ දක්ෂතා නම් සඳහන් කිරීමකට පමණක් සීමා වීමයි.

රයිගම් ටෙලීස් මෙම තත්ත්වය වෙනස් කරමින් සියලු නිර්දේශලාභීන් විශේෂිත උළෙලකට කැඳවා ඔවුන්ගේ හැකියාවන් ඇගයීමට නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල හඳුන්වා දෙන ලදි. මෙහිදි සෑම නිර්දේශිතයෙකු සඳහාම එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්‍ෂණයක් තිළිණ කෙරේ. මීට අමතරව ඔවුන්ගේ හැකියාව අගය කිරමින් වටිනා සහතිකයක්ද නිකුත් කරනු ලැබේ.

ජාතික සංනිවේදන ජාලය වූ මොබිටෙල් මෙම උළෙල සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය දරන අතර රක්‍ෂණ තිළිණ පිරිනමන්නේ අලියාන්ස් රක්‍ෂණ සමාගමයි.

අවසාන සම්මාන රාත්රිය

රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිය ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් වඩාත් උනන්දුවෙන් අපේක්‍ෂා කරන උළෙලක් වන අතර, එය සම්මාන උළෙලකින් ඔබ්බට ගොස් ක්‍ෂේත්‍රයේ සහෘදයන්ට වසරකට වරක් මුණ ගැසී සතුටුසාමීචියේ යෙදෙන්නටද ලැබෙන මහඟු අවස්ථාවකි. සංවිධායකයන් විසින් සෑම විටම මෙම උළෙල විවිධ නවාංගයන් සහිතව උපරිම තලයකින් සිදු කිරීමට උත්සාහ ගන්නා අතර රූපවාහිනී චැනල පහක පමණ විකාශය සිදු වේ.  ඊට අමතරව සමාජ මාධ්‍යජාල ඔස්සේ ද ඉතා පුඵල් පදනමකින් සමාජ ගත වේ.

සියලු සම්මාන ලාභීන් සඳහා වටිනා මුදල් ත්‍යාග සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් “සම්පත් මුදල් තිළිණ” නමින් පිරිනමන අතර, අලියාන්ස් රක්‍ෂණ සමාගම විසින් පිරිනමන අලියාන්ස් රක්‍ෂණ තිළිණ සමග වටිනා රයිගම් ටෙලි සම්මානය සහ සහතික පත්‍රය පිරිනැමේ.

සම්මාන කුලක

රයිගම්  ටෙලීස්, ටෙලිවිෂන්  මාධ්‍යයේ සියලු  අංශ පහතින් දක්වා ඇති පරිදි ආවරණය කරයි.

ටෙලි නාට් විශිෂ්ටතා සම්මාන

රයිගම්  ටෙලීස්  උළෙලේ  සම්මාන පරාසය පුළුල් කළද  ටෙලි  නාට්‍ය  සඳහා  ප්‍රදානය  කෙරෙන  සම්මාන  සංඛ්‍යාව  එලෙසින්ම පවත්වාගෙන  යාමට රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය තීරණය කර ඇත. මේ අනුව පසුගිය වර්ෂ වලදී මෙන්ම වසරේ විශිෂ්ටතම ගායන, රංගන, තාක්‍ෂණ සහ ටෙලි නාට්‍ය නිර්මාණ  කුසලතාවයන්  අගයමින්  වසරේ  විශිෂ්ටතම  ප්‍රාසාංගික,  ඒකාංගික  ටෙලි  නාට්‍යය ඇතුළු විශිෂ්ටතා සම්මාන ඒ අයුරින්ම ප්‍රදානය කරනු ඇත.

රූපවාහිනී මාධ් විශිෂ්ටතා සම්මාන

පුංචි තිරයේ ජනප්‍රියතම අංගය ටෙලි නාට්‍ය වුවද, එහි වැඩිම වේලාවක් අරක්ගත්තේ විවිධ වැඩ සටහන්ය. රූපවාහිනි මාධ්‍යයේ වගකීම වන්නේද ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය මෙන්ම, දැනුම, අවබෝධය සහ යාවත් කාලීන කරවීමේ සන්නිවේදන වගකීමයි. එය යුගයේ ප්‍රබලතම විඥාපන මෙවලමයි. මේ නිසා ජනතාවගේ ආනන්දයටත්, ප්‍රඥාවටත් හේතුවන උසස් තත්වයේ නිර්මාණ ඉදිරිපත් කිරිමේ හා තාක්ෂණ කුසලතාවයන් වඩ වඩාත් දකිනු රිසියෙන් මෙම අංශයේ සම්මාන පුවත් වාර්තාකරණය, ප්‍රවෘත්ති නිවේදනය,  කාලීන  වැඩසටහන්, අධ්‍යාපන,  ළමා, සංගීත, රියැලිටි  හා  දේශපාලන  මෙන්ම  වැඩසටහන්  ඉදිරිපත්  කිරිමේ  (සම්ප්‍රවේෂකයන්) විශිෂ්ටත්වයන් උදෙසා ද පිරිනමනු ඇත.

මෙම සම්මාන උළෙලේදී ප්‍රවෘත්ති නිවේදනය හා වැඩසටහන් සම්ප්‍රවේශක සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන් වෙනුවෙන් වෙන වෙනම සම්මාන ප්‍රදානය කෙරේ. නිවේදක හා සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මානයක් දිනා ගන්නා අයෙකුට වසර තුනක් ගත වන තෙක් එම සම්මානය සඳහා නැවත අයඳුම් කළ නොහැක. ඒ අනුව මෙවර 2019, 2020 සහ 2021 උළෙලවල ජයග්‍රාහකයන්ට නැවත අයදුම් කළ නොහැක.

ජනප්රිය සම්මාන

සුපුරුදු පරිදි මෙවරත් වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය,  ටෙලි නාට්‍ය නළුවා සහ ටෙලි නාට්‍ය නිළිය ප්‍රේක්‍ෂක ජුරීය විසින් තීරණය කරනු ඇත. අවසානයේදී ටෙලි නාට්‍ය විඳින්නේ මහජනතාවයි. කවුරුන් කෙසේ බැලුවද කෙසේ විශ්ලේෂණය කළද නිර්මාණයක් සාර්ථක වන්නේ ප්‍රේක්‍ෂක ජනතාව එය වැළඳ ගන්නේ නම් පමණි. ඒ බව නිර්මාණ කරුවන්ද අවධාරණය කරගත යුතුය. මේ නිසා තම හෘද සාක්ෂිය ප්‍රකාශ කිරීමේ සාධාරණය ප්‍රේක්‍ෂක ජනතාවට ලබා දෙමින් ජනප්‍රිය සම්මාන ලාභීන් තීරණය කරනු ඇත. මේ සඳහා මහජනතාවට වඩාත් පහසු කෙටි පණිවුඩ SMS ක්‍රමය ප්‍රථම වරට හදුන්වා දුන්නේ රයිගම් ටෙලි සම්මානයයි. මෙවරද තමන් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා, නිළිය ජයග්‍රහණය කරවීම සඳහා තම මතය ප්‍රකාශ කිරීමට ප්‍රේක්‍ෂක ජනතාවට අවස්ථාව ලැබේ.

ජනප්‍රිය සම්මාන සඳහා මනාප ප්‍රකාශ කිරීම පහසු කිරීම සඳහාත් උළෙල පිළිබඳ යාවත් කාලීන තොරතුරු නොපමාව නිකුත් කිරීම සඳහාත්, Raigam Tele’es නමින් ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) ද ක්‍රියාත්මක වේ. මෙම යෙදවුම Play Store හරහා බාගත කර ගත හැක. 2023 පෙබරවාරි මස 24 දින සිට 2023 මාර්තු මස 24 දින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම SMS මත විමසුම විවෘතව පවතී.  SMS යොමු කළ යුතු දුරකථන අංක ජන මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ඇත.

ජනගත සම්මාන කුලකය

පසුගිය උළෙලේ සිට අලුතින් හඳුන්වා දුන් සම්මාන කුලකයකි. ජනප්‍රිය සම්මාන සඳහා ජයග්‍රාහකයන් ප්‍රේක්ෂක මනාපයෙන් තෝරාගන්නා අතර වසර තුළ විකාශය වූ වැඩසටහන් අතුරෙන් වඩාත්ම ජනගත වූ ටෙලිනාට්‍යය, රූපවාහිනී මාධ්‍ය වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය දීපව්‍යාප්ත ජනතා සමීක්ෂණයක ප්‍රතිඵල පදනම් කරගෙන පිළිගත් ක්‍රමවේදයකට අනුව තීරණය කරනු ඇත.

ප්රණාම සම්මාන

රූපවාහිනී ක්‍ෂේත්‍රයේ උන්නතිය සඳහා උතුම් දායකත්වයක් ලබාදුන් කලා ශිල්පීන් හා පුරොගාමීන් සඳහා ප්‍රණාම සම්මාන ප්‍රදාානය කිරීම රයිගම් ටෙලිස් සම්මාන උළ්ලේ සුවිශේෂී අංගයකි. මේ දක්වා ප්‍රණාම සම්මාන ලැබූවන් අතර රූපවාහිනී කලා මාධ්‍යයේ  ඡේ්‍යෂ්ඨයන් මෙන්ම රූපවාහිනි තාක්‍ෂණය ශ්‍රී ලංකාවට  හඳුන්වාදීමේ  පුරෝගාමී  මෙහෙවරක්  ඉටුකල  වූවන්ද  විය.

මෙම සම්මාන කුලකය යටතේ 2007 වර්ෂයේදී හඳුන්වාදුන් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උළෙලකදීම ප්‍රදානය කරන උත්තම සම්මානයයි. මෙම සම්මානය ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන්නකි. පසුගිය සම්මාන උළෙලේදී ප්‍රවීණ සිනමාවේදිනී සුවිනීතා වීරසිංහ මැතිණියගේ සේවය මේ යටතේ අගයන ලදි.

රූපවාහිනී නාලිකා ඇගයීම

සම්මාන උළෙළේදී ටෙලි නාට්‍ය අංශයේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ‘වසරේ ටෙලිනාට්‍ය නාලිකාව ලෙසද අනිකුත් මාධ්‍ය වැඩසටහන් සඳහා වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ‘වසරේ රූපවාහිනි මාධ්‍ය වැඩසටහන් නාලිකාව’ ලෙසද සම්මානයට පාත්‍ර වනු ඇත.

සම්මාන උළෙලේදී සමස්ත වශයෙන් වැඩිම සම්මාන සංඛ්‍යාවක් ඡයග්‍රහණය කරන රූපවාහිනී නාලිකාව වසරේ සම්මානනීය නාලිකාව ලෙස අභිෂේක ලබනු ඇත. වසරේ සම්මානනීය නාලිකාව තීරණය කිරීම උදෙසා වඩාත් විනිවිද පෙනෙන දර්ශකයක් භාවිත කරන, එකම සම්මාන උළෙල මෙයයි.

කලාකරුවන්ට පිදෙන දහසින් බැඳි පියළි       

අපේ රටේ පැවැත්වෙන සියලුම සම්මාන උළෙලවල් අතරින් සම්මාන ලාභීන්ට ඉහළම වටිනාකමකින් යුත් තිළිණ ප්‍රද්‍රනය කරන්නේ රයිගම් ටෙලීස් උළෙලයි.

මේ යටතේ සම්මාන ජයග්‍රණය කළ ද නොකළ ද සියලුම නිර්දේශ ලාභීන් සඳහා වර්ෂයක කාලයක් සඳහා රුපියල් ලක්ෂයක වෛද්‍ය රක්ෂණයක් සමග රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරනයක් තිළිණ කරන ලදි.  ටෙලි හෝ චිත්‍රපට සම්ම්න උළෙලක් අරඹයා ශ්‍රී ලංකාව තුල නිර්දේශලාභීන් මෙසේ ඇගයෙන එකම උළෙල රයිගම් ටෙලි සම්මාන උළෙලයි.

මෙවරද සියලු නිර්දේශලාභීන්ට හිමිවන වරප්‍රසාද වලට අමතරව, රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන ලාභීන් සඳහා රුපියල් ලක්ෂ 30 ක් ඉක්මවන මුදල් ත්‍යාග පිරිනැමේ.

පසුගිය වසර 12 මුළුල්ලේ උළෙලේ සම හවුල්කාරීත්වය දරණ සම්පත් බැංකුවේ දායකත්වය සහ නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙලේ පූර්ණ අනුග්‍රාහකත්වය දරණ මොබිටෙල් හි දායකත්වය ස්තුති පූර්වකව සිහිපත් කරමු.

උළෙලේ තාක්‍ෂණ සහය ඉමැජින් එන්ටර්ටේන්මන්ට් වෙතිනි. නිර්දේශලාභීන් සඳහා රක්ෂණ ආවරණ තිළිණ කරන්නේ අලියාන්ස් රක්‍ෂණ සමාගමයි.

උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන නිර්මාණයන් මෙසේය

  1. ටෙලි නාට්‍ය - 2022 වර්ෂය තුලදී අවසාන කොටස විකාශය කළ දේශීය ටෙලිනාට්‍ය වේ.
  2. වෙනත් නිර්මාණ - 2022 වර්ෂය තුලදී ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ප්‍රථම වරට විකාශය වී තිබිය යුතුය. නැවත විකාශනය කළ නිර්මාණ සලකා නොබැලේ. තවද රියැලිටි වැඩසටහන් ආදිය අදාල අදියර (Season) අවසන් කර තිබිය යුතුය.
  3. කේබල් රූපවාහිනි සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි නාලිකාවල පමණක් විකාශය වු නිර්මාණ සහ හඬකැවීම් ඇතුඵ කිසිදු විදේශ නිර්මාණයක් (හඬකැවීමේ වැඩසටහන උදෙසා වන සම්මානය සඳහා හැර) මෙම උළෙල සඳහා සුදුසුකම් නොලබයි.
  4. වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ නිවේදක නිවේදිකා අංශය සඳහා අදාාල නාලිකාව මඟින් හෝ තනිව අයදුම් කළහැකිය.
  5. ප්‍රවෘත්ති නිවේදක සහ සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මාන ලබන ඕනෑම ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට එම සම්මානය සඳහා නැවත අයදුම් කළ හැක්කේ වසර 03 ක් ගතවීමෙන් අනතුරුවය.

අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම

රයිගම් ටෙලීස් 2022 උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2022 ජනවාරි මස 15 වන දිනෙන් අවසන් වේ. මෙවර සම්මාන උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කිරිමට අපේක්‍ෂිත නිර්මාණකරුවන් හැකි ඉක්මනින් 0707 061 508 හෝ 0707 061 602 අංක මඟින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටී.

උළෙල සඳහා ඉදිරිපත් කරන නිර්මාණ නිසිපරිදි සම්පූර්ණ කල අයදුම් පත්‍රයක්ද සමග යොමු කළ යුතුවන අතර අයදුම්පත් තම නාලිකාවලින්, ඉහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් හෝ www.raigamtelees.lk පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.

අයදුම්පත් සමඟ තම නිර්මාණ VOB හෝ MPEG වර්ගයේ සංයුක්ත තැටි (CD) සංක්‍යාත වීඩියෝ තැටි (DVD) මඟින් පහත සඳහන් ලිපිනය වෙත භාරදිය යුතුය.