October, 26, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය වෘත්තිකයකු වූ රවී අබේසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා ඊයේ (25) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
රවී අබේසූරිය මහතා, ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතනයක් වන ෆිච් රේටිංග්ස් හි ශ්‍රී ලංකා ඒකකයේ පළමු ප්‍රධානියා විය.
Amba Research ආයතනයේ ආරම්භක ප්‍රධානියා වූ ඔහු මෙරට ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කරලීම සඳහා මහඟු මෙහෙවරක් කළ පුද්ගලයෙකි.
රවී අබේසූරිය මහතා ඇමරිකා එක්සත් ජනපදයේ CFA ආයතනයේ විනය සමාලෝචන කවුන්සිලයේ සාමාජිකයෙකු වූ අතර CFA සංගමයේ ශ්‍රී ලංකා හි උපදේශක සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයකු ලෙසද කටයුතු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ චර්යාධර්ම සංග්‍රහ සමාලෝචන කමිටුවේ (CoCRC) සාමාජිකයෙකු ලෙස 2020-2021 කාලය තුළ ඔහු ක්‍රියා කරන ලදී.
මීට මාස කිහිපයකට පෙර ඒ මහතා එක් වූ අද දෙරණ Big Focus වැඩසටහනක් පහතින් දැක්වේ.