• Ada Derana BIZ Sinhala
  • Government revenue
  • sri lanka

රාජ්‍ය ආදායම ඉහළට

January, 17, 2023

2022 ඔක්තෝබර් මාසයේ දී රජයේ සමස්ත ආදායම රු. බිලියන 1,586.0 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ රාජ්‍ය ආදායම වූ රු. බිලියන 1,154.8 ට වඩා 37.33% ක වැඩිවීමක් වේ.

එහිදී 2021 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව රජයේ බදු ආදායම රු. බිලියන 1,403.7 ක් දක්වා 35.59% කින් හා බදු නොවන ආදායම රු. බිලියන 182.3 ක් දක්වා 52.42% කින් ඉහළ ගොස් ඇත.

තවද 2022 වසරේ රජය ලද ප්‍රදානවල වටිනාකම ද රු. බිලියන 2.2 ක් දක්වා 22.22% කින් වැඩි වී තිබේ.

මේ අනුව 2022 ඔක්තෝබර් මාසය තුළ රජයේ ආදායම් සහ ප්‍රදානවල මුළු වටිනාකම රු. බිලියන 1,588.3 ක් වේ.