February, 6, 2023
2022 වසරේ ජනවාරි - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ රජයේ ආදායම රු. බිලියන 1,806.7 ක් බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය 2021 වසරේ මුල් මාස 11 තුළ වාර්තා වූ රු. බිලියන 1,322.0 ක් වූ රාජ්ය ආදායම් අගයයට වඩා 36% ක වැඩිවීමකි.
මේ අතර 2022 නොවැම්බර් මාසයේ දී රාජ්ය ආදායම රු. බිලියන 220.7 ක් වේ. 2022 ඔක්තෝබර් මාසයේ දී එය සටහන්ව තිබුණේ රු. බිලියන 138 ක් ලෙසිනි. මේ අනුව 2022 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ රාජ්ය ආදායම 60%කින් වැඩි වී ඇත.
රජයේ බදු ආදායම ඉහළ යාම මීට ප්රධාන වශයෙන් හේතු වී තිබේ. 2022 ඔක්තෝබර් මාසයේ දී රජයේ බදු ආදායම රු. බිලියන 120.3 ක් වූ අතර එය 2022 නොවැම්බර් මාසයේ දී රු. බිලියන 205.1 ක් දක්වා 70%කින් වැඩි වී ඇත.
Video Story