රිට්ස්බරි වෙතින් විදුදය – රිට්ස්බරි පිහිනුම් ශුරතාවලිය යළිත් සවිබල ගැන්වේ

    May, 18, 2023

    රිට්ස්බරි, ශ්රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය, ‘2023 විදුදය - රිට්ස්බරි  පිහිනුම් ශුරතාවලියසඳහා පුර්ණ අනුග්රාහකයා ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටී. පසුගිය මැයි 16 දින පැවති මාධ්ය හමුවකදී මේ බව නිවේදනය කරන ලද අතර ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ ශාරීරික අධ්යාපන අංශය මගින් තුන්වන වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය එළැඹෙන මැයි 26 සහ 27 දෙදින තුළ ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ පිහිනුම් සංකීර්ණයේදී පැවැත්වේ.

    මෙම මාධ්‍ය හමුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෙනෙට් සභා ශාලාවේදී පැවති අතර, එහිදී තුන්වන වරටත් මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය දැක්වීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටුවන බව රිට්ස්බරි පාර්ශවයේ අදහස විය.

    පාසල් සහ පිහිනුම් ක්‍රීඩා සමාජ 300 කට අධික සංඛ්යාවක් නියෝජනය කරමින් පිහිනුම්කරුවන් සහ පිහිනුම්කාරියන් 1000 කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තරගාවලිය තුළ කේවල තරග ඉසව් 108 ක් සහ සමූහ තරග ඉසව් 20 ක්  පැවැත්වීමට නියමිතය. වයස අවුරුදු 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ වශයෙන් කාණ්ඩ 5 ක් යටතේ තරග පැවැත්වීමට නියමිත අතර එම සියලු ඛාණ්ඩ යටතේ ජයග්රාහකයින් වෙත කාන්තා හා පිරිමි  වශයෙන් කේවළ ශුරතා  පිරිනමනු ලැබේ. තවද එම ඛාණ්ඩ යටතේ කාන්තා හා පිරිමි අංශවලින් පළමු, දෙවන හා තෙවන ස්ථාන හිමි කරගන්නා ජයග්රාහකයින් වෙත පදක්කම් ප්රදානය කරනු ලැබේ. කාන්තා හා පිරිමි  සමූහ තරග ඉසව් ජයග්රාහී කණ්ඩායම් ද්විත්වය වෙත තරඟයේ සමස්ත ශුරතා පිරිනමනු ලැබේ. එලෙසම සියලු තරඟකරුවන් හා තරඟකාරියන් වෙත සහභාගීත්ව සහතිකපත් පිරිනමනු ලැබේ.

    රිට්ස්බරි පුරා දශකයකට අධික කාලයක් මෙරට තරුණ පරපුරේ ක්රීඩා කුසලතා වර්ධනය කිරීමට උත්සාහ කරන අතර, ඒ සඳහා අවශ්ය විවිධ පියවර ගෙන තිබෙනවා. දේශීය චොක්ලට් සන්නාම අතර ප්‍රමුඛයා වශයෙන් මෙම තරගාවලිය සාර්ථක කරගැනීම සඳහා තුන්වන වරටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් අභිමානයක්.” CBL Foods International පුද්. සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා පැවසී ය.

    “ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ලැබෙන මෙවැනි සහයෝගයන් අතිශයින් වැදගත්. මීට පෙරත් මේ ශුරතාවලිය සාර්ථක ලෙස පැවැත්වීම සඳහා රිට්ස්බරි වෙතින් අපට විශාල සහයෝගයක් ලැබුණා. මේ වසරේදීත් සුපුරුදු පරිදි එම සහයෝගය ලබාදීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් රිස්ට්බරි වෙත අපගේ ස්තූතිය හිමි විය යුතුයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා කැප වී සිටින රිස්ට්බරි වැනි දේශීය හවුල්කරුවෙකු සමග කටයුතු කිරීමට ලැබීම අපට මහත් සතුටක්.” ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා නිශාන්ති විදානගේ මහත්මිය පැවසුවා ය.

    පිහිනුම් ක්‍රීඩාවට අමතරව, Super 16 Junior Rugby Carnival, Ritzbury Sir John Tarbert Athletics Championship, Ritzbury Junior National Squash Championship, Ritzbury Junior Rugby Carnival සහ SLTA All Island School Kids Tennis Play Day වැනි තරගාවලි රාශියකටද රිට්ස්බරි සිය අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබේ.  රටේ තරුණ පරපුර අතර ක්‍රීඩා කුසලතා නැංවීමේ අරමුණින් රිස්ට්බරි අඛණ්ඩව මෙම මෙහෙවරට උරදෙමින් සිටී.

     

    ඡායාරූපය: (වමේ සිට) රිට්ස්බරි කාණ්ඩ කළමනාකරු අරුණ ලියනපතිරණ මහතා, සාමාන්යාධිකාරී (අලෙවි) CBL Foods International නිලුපුල් ද සිල්වා මහතා,වැඩබලන උපකුලපති;ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලය මහාචාර්ය : උපුල් සුබසිංහ ,ක්රීඩා උපදේශන කමිටු සම සභාපති, පීඨධිපති, නාගරික සහ ජලජ ජෛව සම්පත් පීඨය, ,ජ්යෙෂ්ඨ මහාචාර්ය; ප්රදීප් ජයවීර, නිශාන්ති විදානගේ - අධ්යක්ෂිකා ,ශාරීරික අධ්යාපන අංශය,ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලය