November, 2, 2018
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 171.9317 ක් හා විකුණුම් මිල රු. 175.8240 ක් ලෙසින් සටහන් විය.
ඊයේ (02) දිනයේ දී ඩොලරයක ගැණුම් මිල රු. 173.4281 ක් හා විකුණුම් මිල රු. 177.3261 ක් වශයෙන් සටහන් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් නියම වූ වැඩිම රුපියල් අගය ලෙසින් වාර්තා විය.
මේ අතර අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ රුපියලේ අවප්‍රමාණය වැළැක්වීම සඳහා ඊයේ දිනයේ දී සංචිතවලින් ඩොලර් මිලියන 50 ක් වෙළෙඳපොළට මුදා හැර ඇති බවයි.
Video Story