January, 2, 2023
රුසියානු සංචාරකයින් සමඟින් ශ්‍රී ලංකාවට පියාසාර කරන රෙඩ් වින්ග් ගුවන් සේවයට අයත් දෙවන ගුවන් යානය අද (02) පෙරවරුවේ දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පැවසුවේ, මෙම යානයත් සමඟ දැනට මෙරටට පැමිණ තිබෙන රෙඩ් වින්ග් ගුවන් යානා දෙක මගින් රුසියනු සංචාරකයින් 822 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
රෙඩ් වින්ග් ගුවන් සේවයේ දෙවෙනි ගුවන් යානාව අද ආවා. අද ඉඳන් තමයි ඒ ගුවන් යානාව සම්පූර්ණ වෙලා එන්නේ. රුසියාවේ ඇනෙක්ස් ටුවර්ස් තමයි මේ ගුවන් යානාවේ සංචාරකයෝ අපිට එවන්නේ. එයින් කොටසක් එවනවා සන් ඇන්ඩ් ෆන් කියන ආයතනයත්. ඒ දෙගොල්ලොන්ට තමයි අපි පළමුවෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ සංචාරකයෝ ලංකාවට එවීම ගැන.
අද සාර්ථකව සංචාරකයෝ අරන් එනවා සතියකට 3,500 ක් විතර මේ සෘජු ගුවන්යානාවලින්.
දැනට ගුවන්යානා 10 ක් එනවා සතියකට, රෙඩ් වින්ග් ගුවන් යානා දෙකකුත් ඒකෙන් 822 ක් එනවා. ඒ වගේම අසූර් එයාර්ලයින් ෆ්ලයිට් 5ක් එනවා. ඒකෙනුත් එනවා 335 ගානේ 5 ක්. ඒ වගේම ඒරොෆ්ලොට්, රුසියානු ජාතික ගුවන් සේවාව සතියකට ගුවන් යාන 3ක් එනවා. ඒකෙනුත් එනවා 290 ක් විතර.
Video Story