• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bills

රු. මිලියන 80,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

October, 25, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (26) දිනයේ දී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

රු. මිලියන 80,000 ක වටිනාකමකින් යුතු බිල්පත් ප්‍රමාණයක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.