රු. 13,810 ක් තිබේ නම් ඔබ දුප්පත් නැත – නිල වාර්තාවක් කියයි

    December, 14, 2022

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන 2022 ඔක්තෝබර් මාසයට අදාළ නවතම දරිද්‍රතා රේඛා සටහනට අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන අවම මුදල රු. 13,810 ක් ලෙස දක්වා තිබේ. පසුගිය 2022 සැප්තැම්බර් මාසයේ මෙම අගය සටහන්ව තිබුණේ රු. 13,772 ක් ලෙසිනි.

    දිස්ත්‍රික්ක පදනම අනුව සිය මූලික අවශතා සපුරා ගැනීමට වැඩිම වැයක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙසෙන අයෙකුටය. එය රු. 14,894 ක් වේ. අඩුම අගය ලෙස මොණරාගල දිස්ත්‍රික්කය දැක්වෙන අතර එය රු. 13,204 කි.

    පෙර මාසයට සාපේක්ෂව 2022 ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මෙම නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුවී ඇති බව බව ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.

     

     

    Video Story

    Stock Market

    Exchange Rates