ලංකාවට එන අලුත්ම වාහනය මෙන්න BAIC X55 II SUV

    April, 4, 2024

    අනාගත SUV රථය සමග ශ්‍රී ලංකාවේ නවතම ධාවන විප්ලවයක්

    ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් (ප්‍රයිවට්) ලිමිටඩ් බ්‍රෑන්ඩ් නිව් BAIC X55 II SUV රථය ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම සදහා පෙර ඇණවුම් බාර ගැනීම නිල වශයෙන් පසුගියදා ආරම්භ කළේය. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් මෙන්ම පාරිභෝගිකයින්ට නවතම ගමනක ආරම්භයක් සනිටුහන් කරමින් පළමු පාරිභෝගිකයින් 15 දෙනා පසුගියදා පැවති සරළ උත්සවයකදී BAIC X55 II රථ ඇණවුම් කිරීම සදහා තම තැන්පතු මුදල් ලබා දුන්නේය.

    ශ්‍රී ලංකාවේ මෝටර් රථ වාහන කර්මාන්තයේ නව්‍යකරණයේ, තත්ත්වයෙන් උසස් නිෂ්පාදනවල සහ සමකළ නොහැකි පාරිභෝගික සේවයේ නව යුගයක් උදා කරමින් Beijing Automotive Industry Holding Co., Ltd. (BAIC) සමග උපාය මාර්ගික ගිවිසුමකට එළඹුණු බව පසුගියදා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් විසින් නිවේදනය කළේය. මේ වන විට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අනාගත ප්‍රවාහනයේ නියමුවා වන BAIC X55 II SUV රථය ආනයනය කිරීමට සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ ඔටෝමොබයිල් නිෂ්පාදන සහ එකලස් කිරීමේ කර්මාන්තයට සහ ඔටෝමොබයිල් උපාංග නිෂ්පාදන කර්මාන්තයට හදුන්වාදුන් සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ දේශීයව අගය එකතු කරමින් මෙරට තුළ බෙදා හැරීමට අනුමැතිට හිමි වී ඇත.

    ඒ අනුව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් BAIC X55 II Honour සාමාන්‍ය රථය සහ BAIC X55 II Luxury සියලු අංගෝපාංගවලින් යුතු රථය ලෙස මාදිළි 02ක් මෙරටට හදුන්වාදීමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතා මෙසේ පැවසුවේය. "නවමු වාහන හදුන්වාදෙමින් දේශීය කර්මාන්ත නගා සිටුවීමට ඩේවිඩ් පීරිස් සමූහයේ ඔටෝමෝටිව් විසදුම් හැම විටම සමත් වෙලා තියෙනවා. BAIC X55 II ශ්‍රී ලංකාවට හදුන්වාදීමත් තවත් එවැනි සුවිශේෂී සංධිස්ථානයක්. ඉහළ, නවීනතම අංගයන්ගෙන් සමන්විත මෙම සුපිරි SUV රථය ශ්‍රී ලංකාවේ ධාවන අත්දැකීම නව මගකට ගෙන ඒමට කටයුතු කරන බව විශ්වාසයි."

    ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අලෙවි කරනු ලබන බ්‍රෑන්ඩ් නිව් BAIC X55 II රථය ආසන 05කින් යුතු 1500CC turbo එන්ජිමක් සහිත 7DCT ගියර් පද්ධතිය සහිත පෙට්‍රල්වලින් ධාවනය වන වාහනයකි. අගල් 19 ඇලෝයි වීල්ස්, සුපිරි විවෘත කළ හැකි වහලය, ස්වයංක්‍රීයව ඉදිරියට පැමිණෙන දොර හැඩල සහ ද්විත්ව exhausts මෙම වාහනයේ අභිමානය තව තවත් වැඩි කරයි.

    ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අධ්‍යක්ෂ මහේෂ් ගුණතිලක මහතා මේ පිළිබදව මෙසේ පැහැදිළි කළේය. "මෙම වාහනයේ ධාවන අත්දැකීම ඊටම ආවේනික වුණු සුවිශේෂී එකක්. Adaptive cruise control, lane departure warning, front seat heating සහ ventilation, driver seat memory, rear seat angle adjustability සහ multicolored interior ambient light වැනි සුපිරි පන්නයේ ආරක්ෂිත විශේෂාංග හරහා මෙම වාහනය අදාළ කාණ්ඩයේ අනෙකුත් වාහනවලින් ඉහළට ඔසවා තැබෙනවා."

    සියලුම BAIC X55 II මාදිළි රියදුරු, ගමන් කරන මගීන් සහ පැති එයාර්බෑග් සහ එයාර්කර්ට්න් ඇතුළුව එයාර් බෑග් 06කින් සමන්විත වේ. එසේම මහන්සියෙන් රිය පැදවීමේ සංඥා, අංශක 360 කැමරාව සහ සොර සතුරු ක්‍රියාවන් ඇගවීමේ නාදයන්ගෙන්ද මෙය සමන්විත වේ.

    නවීන රියදුරන්ගේ අවශ්‍යතාවලට අනුකූලව, විනෝදාස්වාද විශේෂාංග අතර අඟල් 10 ක පාලන තිරයක් සහ LCD උපකරණ තිරයක් ඇතුළත් වේ. සියලුම මාදිලි රැහැන් රහිත දුරකථන සම්බන්ධතාවය, WIFI සහ රැහැන් රහිත චාර්ජින් පහසුකම්වලින්ද සමන්විය.

    BAIC X55 II රථයේ අමතර කොටස් සහ තාක්ෂණික සහාය ඇතුළුව පාරිභෝගිකයින්ට අසමසම අලෙවියෙන් පසු සේවාවක් ඩේවිඩ් පීරිස් සමූහය විසින් පාරිභෝගකයින්ට සහතික කර ඇත. සියලු දෙනාට පහසුවෙන් ළගා වීමේ හැකියාව ඇති කරමින් BAIC X55 II වාහන සදහා අංග සම්පූර්ණ සේවා පහසුකමක්ද හයිඩ් පාර්ක් කෝනර්හි පිහිටා ඇත. ටෙස්ට් ඩ්‍රයිව් සහ පෙර-ඇණවුම් දැන් බාරගනු ලබන අතර, වාහන බෙදාහැරීම් 2024 ජුනි වන විට ආරම්භ කිරීමට නියමිතය.

    චීන ඔටෝමොබයිල් කර්මාන්තයේ ප්‍රධානතම බලයක් වන BAIC ලෝකයේ සුප්‍රසිද්ධ මෝටර් සමාගම් වන American Motors Corporation, Hyundai Korea සහ Mercedes-Benz සමග මේ වන විටත් හවුල් ව්‍යාපාර ආරම්භ කර ඇත. Mercedes-Benz ආයතනයේ 9.98% කොටස් ප්‍රමණයක් BAIC සතුවන අතර එය Mercedes-Benz සමූහයේ තනි පුද්ගලයෙකු සතු වැඩිම කොටස් ප්‍රමාණය ලෙස හැදින්විය හැකිය. විවිධ මාදිළිවල මෝටර් රථ ARCFOX, BEIJING සහ BAIC ORV), වෙළෙද වාහන (BAIC Foton, BAIC Changhe) සහ අනෙකුත් සමාගම්වල එකමුතුවෙන් නිපදවන වාහන (Beijing Benz, Fujian Benz, Beijing Hyundai Motor සහ Foton Daimler) BAIC සමූහයේ නිෂ්පාදන අතර වේ.

    වැඩි විස්තර සහ ඔබගේ ඇණවුම ලබාදීමට 011 4 700 678 අමතන්න.