ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය කාර්යක්ෂමතාව සහ සැපයුම වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති රැසක් දියත් කරයි

    October, 27, 2017

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය කාර්යක්ෂමතාව සහ සැපයුම වැඩිදියුණු කිරීම සඳහා ක‍්‍රමෝපායික වශයෙන් වැදගත් වන ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට 2017 ජූනි මාසයේ සිට කටයුතු කර තිබේග ශ‍්‍රී ලංකාවේ සංවර්ධන මාවතේ දී පැනනගින අවශ්‍යතා කාර්යක්ෂම ලෙස සපුරාලීම මෙහි ප‍්‍රධානතම අරමුණ වී ඇත. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු අර්ජුන රණතුංග මැතිතුමන්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා මෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් සමාගමේ (Ceylon Petroleum Storage Terminals Limited – CPSTL) කළමනාකාරීත්වයේ මගපෙන්වීම යටතේ රටේ ක‍්‍රමයෙන් ඉහළ යන ඛනිජ තෙල් ඉල්ලූම කාර්යක්ෂම සහ පිරිමැසුම්දායක ලෙස සපුරාලීම සඳහා වැඩසටහන් රාශියක් දැනටමත් දියත් කර තිබේ.

    ඛනිජ තෙල් ප‍්‍රසම්පාදනයේ වියදම් ඉහළ ගොස් ඇති විට පවා රට තුළ සහනදායී ගාස්තු යටතේ ඉන්ධන සැපයීම මගින් ඇති වී තිබෙන මූල්‍යමය අභියෝග රුපියලේ අගය උච්ඡාවචනය වීම සහ ඇතැම් පාර්ශ්ව විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසා ඛනිජ තෙල් ආනයනය සඳහා රුපියල් බිලියන ගණනින් මුදල් ණයට ගැනීමට සිදුවීම වැනි තත්ත්වයන් යටතේ පවා ඉතාමත් ඉක්මනින් සිය ලාභදායීත්වය, ඵලදායීතාව සහ ඉතිරිය වර්ධනය කරගැනීම සඳහා දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනිමින් සිටීග මෙහි ප‍්‍රතිඵල ලෙස සංස්ථාව ලබන ලාභ සහ ඉන් කෙටිකාලීන හා දීර්ඝකාලීන ලෙස අත්වන ප‍්‍රතිලාභ කලින් කලට මහජනතාව වෙත දැනුම් දෙනු ලබන අතර එය දේශීය කාර්මාන්ත නංවාලීමට දිගින් දිගටම හේතු වනු ඇත. පසුගිය මාස 4 ක කාලය තුළ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනස්කම් රාශියක් සිදුකර ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස අත්වන මූල්‍යමය ප‍්‍රතිලාභ සමගින් අනාගතය වෙත පියනැගීමට සංස්ථාව සූදානමින් සිටී.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ක‍්‍රියාකාරීත්වය වර්ධනය කරන අතරම ජාත්‍යන්තර තලයේ දී ශ‍්‍රී ලංකාවේ තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා එය කලාපයේ ගුවන් සේවා සහ නාවික සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට උරදීම මෙම ක‍්‍රමෝපායික සැලසුම් වල එක් ප‍්‍රධාන ඉලක්කයකි. දේශීය ඉල්ලූම සපුරාලමින් මධ්‍යම හා දීර්ඝකාලීනව ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්ථාවලින් ප‍්‍රයෝජන ගැනීමට නම් මෙම මූලික අංශ කෙරෙහි අවධානය යොමුකිරීම අත්‍යවශ්‍ය වේ.

    යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා පුළුල් කිරීම

    ශ‍්‍රී ලංකාව මධ්‍යම ප‍්‍රමාණයේ ආදායම් ලබන රටක් බවට පත්වීම සහ රජයේ යෝජිත ආර්ථික සැලසුම් ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නැංවීම තුළින් මෙරට ගෘහස්ථ සහ කාර්මික වර්ධනය සඳහා වැඩි වැඩියෙන් බලශක්තිය අවශ්‍ය වනු ඇත. මෙම ඉල්ලූම සපුරාලීම සඳහා, දැනට දේශීය ඉල්ලූමෙන් 30% ක් පමණක් සපුරාලන සපුගස්කන්ද පිරිපහදුව විශේෂ සැලැස්මක් යටතේ පුළුල් කෙරේ. මෙම ව්‍යාපෘතියේ සමස්ත වියදම රු. බිලියන 2.3 ක් වනු ඇති අතර ඒ ඔස්සේ 2025 වසර වන විට දිනකට තෙල් බැරල් 120,000 ක් පිරිපහදු කරමින් දේශීය ඉල්ලූම 100% ක් සපුරාලීමට එයට හැකියාව ලැබෙනු ඇත. අනාගතයේ දී ඉල්ලූම වර්ධනය වන මට්ටම අනුව මෙය දිනකට බැරල් 140,000 දක්වා වැඩි කිරීමේ හැකියාව පවතී. එමෙන්ම එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් පමණ ඉතිරියක් ලබාදෙනු ඇත. මෙම පුළුල් කිරීමට අමතරව, එහි සැපයුම් ශක්‍යතාව හා කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා පහසුකම් නවීකරණය කිරීමද සිදුකිරීමට නියමිත ය.

    ගුවන් සේවා කර්මාන්තයට සැපයුම වැඩි කිරීම

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නවීකරණය කිරීම මගින් ගුවන් යානා ඉන්ධන සඳහා ඇති ඉල්ලූම ඉහළ යනු ඇත. මීට පිළියමක් වශයෙන් ෑ03 අධිවේගී මාර්ගය ඔස්සේ සෘජුව ගුවන් යානා ඉන්ධන පොම්ප කළ හැකි නළ මාර්ගයක් ඉදිකෙරෙන අතර ඉන් මුතුරාජවෙල ඉන්ධන ගබඩාවේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සෘජුව ඉන්ධන පොම්ප කෙරේ. තවද එම ගුවන් තොටුපළෙහි අතිනවීන ඉන්ධන පොම්ප කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරනු ඇති අතර එමගින් ගුවන් යානා සඳහා ඉන්ධන පිරවීමට ගතවන කාලසීමාව අඩු වී, ගුවන් තොටුපළෙහි ගුවන් යානා හැසිරවීමේ හැකියාව ඉහළ ගොස් එයට හිමි ජාත්‍යන්තර පිළිගැනීම ද ඉහළ යනු ඇත. ගුවන් යානා ඉන්ධන සැපයුම් හැකියාව වැඩිදියුණු කිරීම සඳහා මුතුරාජවෙල ගබඩාව තුළ මෙටි‍්‍රක් ටොන් 90,000 ක ධාරිතාවකින් යුත් නව ඉන්ධන ටැංකියක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර තිබේ. මෙය වැඩි ඉතිරියක් සමගින් වැඩි අදායම් ඉපයීමට උපකාරී වන පියවරක් ද වනු නිසැකය.

    දිවයින පුරා බෙදාහැරීම් හා ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම

    දිවයිනේ සංවර්ධන කටයුතු ව්‍යාප්ත වීමත් සමග මුතුරාජවෙල සහ කොළොන්නාව ගබඩා එකිනෙක යා කරමින් දීපව්‍යාප්තව ඉන්ධන බෙදාහැරීමේ හැකියාව වැඩිදියුණු කිරීමට සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් සමාගම කටයුතු කරනු ඇත. එම සමාගම කොළොන්නාව ගබඩාව සහ කොළඹ වරාය අතර නව නළ මාර්ග ඉදිකිරීමට කටයුතු කරනු ඇති අතර මෙමගින් නෞකා සඳහා සේවාවන් සැලසීමේ කාලය අවම වී වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 5 ක තරම් ඉතිරියක් ලැබෙනු ඇතැයි ගණන් බලා තිබේ. දිවයිනේ පළාත්බද ඉන්ධන ගබඩා 11 පිහිටි ස්ථානයන් නැවත ඇගයීමට ලක්කෙරෙන අතර අදාළ ප‍්‍රදේශ වල සංවර්ධන කටයුතු සහ අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන, අවශ්‍ය නම් මේවායේ යම් යම් වෙනස් කිරීම් සිදුකිරීමට පියවර ගනු ඇත. මේ වනවිට දක්ෂිණ පළාත් ඉන්ධන ගබඩාව බෙලිඅත්ත ප‍්‍රදේශයේ ස්ථාපිත කිරීමට පියවර ගනිමින් ඇති අතර පිරිපහදු කළ ඉන්ධන ගබඩා කරමින් දිවයිනේ බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා කොළොන්නාව ගබඩා සංකීර්ණයේ නව ටැංකි 6 ක් ඉදිකෙරේ.

    සමස්ත සැපයුම් සහ සේවා වැඩිදියුණු කිරීම්

    මීට පෙර මෙරටට ඉන්ධන සපයන සැපයුම්කරුවන් ප‍්‍රමාණය සීමා කර තිබූ අතර එම ක‍්‍රමය වෙනස් කරමින් ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනටමත් කටයුතු කර ඇත. නව ක‍්‍රමය යටතේ සැපයුම්කරුවන් වැඩි පිරිසකට අවස්ථාව උදාවීම සහ ලංසු ඉදිරිපත් කරන්නන් අතර තරගකාරීත්වය ඉහළ යාම සිදුවන බැවින් එමගින් සංස්ථාවට වඩාත් යහපත් ප‍්‍රසම්පාදන තීරණ ගැනීමේ අවස්ථාව උදා වේ. මේ සඳහා මූලික වශයෙන් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සම්බන්ධ නීතිරීති ලිහිල් කර ඇත. මෙම නව ක‍්‍රමෝපාය මගින් අවශ්‍යතාව පරිදි විවිධ සැපයුම්කරුවන්ගෙන් බොරතෙල් මිලදී ගැනීමේ හැකියාව ලැබෙන අතර එමගින් ආනයනය කරනු ලබන එක් ඉන්ධන තොගයක් සඳහා දැනටමත් ඇමරිකානු ඩොලර් 800,000 කට අධික ඉතිරියක් වාර්තා වී තිබේ. කොළොන්නාව ගබඩාවේ ජෙට් ඉන්ධන පෙරීම සඳහා අතිරේක ෆිල්ටර ස්ථාපිත කිරීමේ ක‍්‍රියාවලිය වේගවත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති තුමන් සහ කළමනාකාරීත්වය කටයුතු කර ඇති අතර මේ ඔස්සේ සැපයුම්කරුවන් වඩාත් වාසිදායක මිලගණන් ඉදිරිපත් කරනු ඇත. මෙය එක් ඉන්ධන තොගයකට ඇමරිකානු ඩොලර් 250,000 ත් - 300,000 ත් අතර ඉතිරියකට දායක වනු ඇතැයි ගණනය කර තිබේ.

    මහජනතාවට සහන මිලට ඉන්ධන සැපයීම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පාඩු සිදුවී ඇතද රට වෙනුවෙන් සිය මෙහෙවර අඛණ්ඩව සලසමින්, රටේ කර්මාන්ත සඳහා බලය සපයමින්, රටට ප‍්‍රතිලාභ රාශියක් අත්පත් කරදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. කෙසේ වුවා ද රු. බිලියන 2 ක තරම් විශාල ණය බරක් තවමත් සංස්ථාව මත පැටවී ඇත. නව මං ඔස්සේ නව මූල්‍ය සම්පාදනයන් ලබාගනිමින් මෙම ණය මට්ටම අවම කරගැනීම සංස්ථාවේ ඉලක්කයයි. මේ වනවිට සිය වියදම් අවම කරගනිමින් විදේශ ණය දෙන ආයතන වෙතින් අඩු වියදම් යටතේ කාරක ප‍්‍රාග්ධනය සපයා ගැනීමට සංස්ථාව උත්සාහ දරමින් සිටී. සමස්තයක් වශයෙන් ගත් කල, රට සංවර්ධනයේ මාවතෙහි ඉදිරියට යනවිට සිය මෙහෙයුම් ඒ අනුව වෙනස් කරමින්, සියලූ අංශවලින් සිය කාර්යක්ෂමතාව ඉහළ නංවාගනිමින්, රටේ ඉහළ යන ඉන්ධන අවශ්‍යතාවන් නිසි පරිදි සපුරාලීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ගයන් ක‍්‍රමෝපායිකව හඳුන්වා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිරන්තයෙන් පියවර ගනු ඇත.