ලංකා බැංකු සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි

    December, 21, 2018

    ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ලංකා බැංකුවේ, සමාගම් ලේකම් ජානකි සිරිවර්ධන සඳහන් කර සිටින්නේ ඊයේ (20) සිට බලපැවැත්වෙන පරිදි ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

    මේ අනුව ලංකා බැංකුවේ සභාපති නීල් උමගිලිය හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ලලිත් විතාන, මාධවී හේරත්, ඉසුරු බාලපටබැඳි සහ හර්ෂ විජේවර්ධන අදාළ තනතුරුවලින් ඉවත් වී තිබේ.

    නීල් උමගිලිය මහතා අදාළ තනතුර වෙත පත්කරන ලද්දේ පසුගිය  නොවැම්බර් 13 වන දිනය.

    සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම නොවැම්බර් 26 දින සිදුකෙරුණු අතර එහිදී පත්වීම් ලැබූ විශාඛා අමරසේකර හැරෙන්නට සෙස සියලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙලෙස සිය තනතුරුවලින් ඉවත් වී ඇත.

     

    ඡායාරූපය - ලංකා බැංකුවේ හිටපු සභාපති නීල් උමගිලිය