ලංවා සංස්ථා වානේ ප්‍රමිතිගත “ෆ්ලැට් අයන්” නිෂ්පාදනයට පිවිසේ

    August, 24, 2016


    “ෆ්ලැට් අයන්” වෙල්ඩින් කාර්මිකයින් අතර ව්‍යාවහාර වන්නේ “වානේ පට්ටම්” ලෙසයි. ශ්‍රී ලංකාව තුළ වානේ කර්මාන්තයේ පුරෝගාමියා වන “සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඩ්” සිය හැට වසරකට අධික අත්දැකීම් හා විශේෂඥ දැනුම සමගින් ප්‍රමිතිගත “ෆ්ලැට් අයන්” වෙළඳපලට ඉදිරිපත් කරයි. වෙළඳපල තුල අද බෝහෝ විට දක්නට ඇත්තේ දිග පළල ඝනකම මෙන්ම නිෂ්පාදන අමුද්‍රව්‍ය ද නිසි පරිදි නොවන “ෆ්ලැට් අයන්” නිෂ්පාදනයි.

    ලංවා QT Bars, ලංවා BRC, ලංවා Hot Dipped Galvanize, ලංවා Square Tubes, ලංවා GI Pipes ඇතුලු ඉතා ඉහල ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන ගොමුවක් වෙළඳපලට නිකුත් කරන ලංවා සංන්ස්ථා වානේ සිය නිෂ්පාදන ගොමුවට ප්‍රමිතිගත ලංවා “ෆ්ලැට් අයන්” ද එක් කරගෙන සිටී.

    පිරිසිදු අමුද්‍රව්‍ය ඉහල තත්ව ප්‍රමිතිය හා සාධාරණ මිල යන ත්‍රිත්ව ගුණාංග පෙරදැරිව හැට වසරක් පුරාවට ජනතා විශ්වාසය දිනූ “සංස්ථා” නාමය ලංවා “ෆ්ලැට් අයන්” නිෂ්පාදන හරහා ද වෙලළපල ප්‍රමුකයා වනු ඇත. ලංවා සංස්ථා සාඩම්බර සලකුණ සහිත “ෆ්ලැට් අයන්” දිවයින පුරා ලංවා නිෂ්පාදන බෙදාහැරීමේ නියෝජිත ජාලය හරහා දැන් ඔබට මිලදීගත හැකිය.