හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 6000 අයියූ, මි.ලී. 0.6 සිරින්ජර් 1,450,000ක් සපයා ගැනීම සඳහා ප්‍රසම්පාදනයන් 02ක් යටතේ ජාත්‍යන්තර ලංසු කැඳවා ඇත.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
- එනොක්සපාරින් සෝඩියම් එන්නත් 450,000ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය M/s Gulf Pharma (Pvt.) Limited වෙත පිරිනැමීම සඳහා.
- එනොක්සපාරින් සෝඩියම් එන්නත් 1,000,000ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය M/s Slim Pharmaceuticals (Pvt.) Ltd. වෙත පිරිනැමීම සඳහා.