ලින්ක් නැචුරල්, Sky ක්‍රිකට් සමාජය හා අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සවිබල ගන්වයි

    July, 18, 2023

    ශ්‍රී ලාංකීය ක්‍රීඩාවට නිරතුරු ජවය කැන්දන ලින්ක් නැචුරල්, Sky ක්‍රිකට් සමාජය හා අත්වැල් බැඳ ගනිමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ශක්තියක් වී තිබේ. ඒ අනුව ඉකුත් දින හතරක් පුරා පැවැත්වුණු Link Natural/ Sky T10 කාන්තා ක්‍රිකට් තරගාවලිය, ලින්ක් නැචුරල් ශක්තිය සමඟින් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දස්කම් තවදුරටත් ඔප් නැංවුණු තරගයක් බවට පත්විණි. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට විධිමත් හා ඉහළම තරගකාරිත්වයක් සහිත T10 ක්‍රිකට් තරගාවලියක ක්‍රීඩා කිරීමට අවස්ථාව මෙමගින් සලසා දෙනු ලැබිණි. මෙතෙක් ක්‍රීඩාව තුළින් සිය දක්ෂතා විදහා දැක්වීමට අවස්ථාව ලැබී නොමැති ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට මෙම විධිමත් තරගාවලිය ඔස්සේ මුල් වරට සිය දක්ෂතා විදහා දැක්වීමට ද එය ඉවහල් විණි.

    තරගාවලිය හඳුන්වාදීමේ නිල උත්සවය පසුගියදා කොළඹ 7 ලින්ක් නැචුරල් ස්වස්ථ පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ, කණ්ඩායම් අටක  නායිකාවන්, ක්‍රීඩා පුහුණුකරුවන්, සංවිධායක මණ්ඩලය හා අනුග්‍රාහක භවතුන්ගේ සහභාගිත්වය ඇතිව ය.  හොරණ ඔලිම්පික් ස්කයි ක්‍රිකට් ක්ලබ් හිදී ආරම්භ වුණු Link Natural/Sky Women's T10 ක්‍රිකට් තරඟාවලියේ දී දින හතරක් පුරා සිය ක්‍රිකට් දක්ෂතා විදහා දැක්වීමට ක්‍රීඩිකාවෝ යුහුසුළු වූහ.  එහිදී ශ්‍රී ලංකා යුද්ධ  හමුදා කණ්ඩායම, නිට්ටඹුව කාන්තා කණ්ඩායම, කලම්බු කෝල්ට්ස්, මූලායි වික්ටරි, මෙන්ම ආදි අනුලා, රත්නාවලී, සමුද්‍රා හා Sky කාන්තා කණ්ඩායම් තරඟ වැදිණි. දක්ෂතා ගණනාවක් විදහා දැක්වුණු තරඟාවලියේ අවසන් මහා තරගයේදී, Sky කාන්තා කණ්ඩායම පරදා කිරුළ දිනා ගැනීමට යුද්ධ හමුදා කාන්තා කණ්ඩායමට හැකි විය.

    මෙම තරගාවලියේ සියලුම ක්‍රීඩිකාවන්ගේ නිරෝගිකම හා ශාරීරික යහපැවැත්ම සම්බන්ධ සහකරු ලෙසින් ලින්ක් නැචුරල්, සමහන්, Crampgard, ස්වස්ථ අමෘත, SP බාම් හා ලින්ක් කේශා ඇතුළත් සුවතා පැකේජයක් සෑම කණ්ඩායමකටම පිරිනැමීය. ඉහළම ප්‍රමිතියෙන් යුතුව,  සෞඛ්‍යාරක්ෂිතව නිපදවා ඇති මෙම ලින්ක් නැචුරල් නිෂ්පාදන මගින් ක්‍රීඩිකාවන්ට කිසිදු අපහසුවකින් තොරව ක්‍රීඩාවෙහි නියැලීමට සෞඛ්‍යමය සුරක්ෂිතතාව සලසන අතර, එදිනෙදා ජීවිතයේ යහපැවැත්ම තහවුරු කරමින් ප්‍රීතිමත්, නිරෝගී, දීර්ඝායුෂ සහිත දිවියක් සඳහාද අඩිතාලම සපයයි.

    තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් Sky ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනී රුචිනි ලියනගේ සඳහන් කළේ මෙලෙස ය. "ක්‍රීඩාව තුළින් කාන්තාවන් සවිබල ගන්වමින් රට පුරා සිටින ක්‍රීඩිකාවන්ගේ සැඟවුණු දක්ෂතා සොයා ගැනීමේ අරමුණෙන් යුතුවයි අපි මෙම තරගාවලිය සංවිධානය කළේ. ඒ සඳහා ලින්ක් නැචුරල්  අපට විශාල ශක්තියක් වුණා. මෙම හවුල්කාරිත්වය නිසා අපගේ අරමුණ යථාර්ථයක් බවට පත්කර ගැනීමටත් හැකියාව සැලසුණා."

    "ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම  අරමුණු කරන ආයතනයක් විදිහට ලින්ක් නැචුරල්, යහපත් කටයුතුවලට අතහිත දීමට අවස්ථාව ලැබෙන සෑම විටම, එවැනි කාර්යයන් සමඟ අත්වැල් බැඳගන්නවා. මෙම ක්‍රීඩිකාවන්ට, ඔවුන්ගේ ඉදිරි වෘත්තීය ක්‍රිකට් දිවිය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා එක් කිරීමට අපි කැමතියි." යනුවෙන් ලින්ක් නැචුරල් සමාගමේ සන්නාම කළමනාකාරිණී සනෝදි රාජපක්ෂ සඳහන් කළා ය.

    ලින්ක් නැචුරල්, ආයුර්වේද ඖෂධ නිෂ්පාදවලට අමතරව, සෞඛ්‍ය ආරක්ෂිත  ස්ව සත්කාරක නිෂ්පාදනවලට නම් දැරූ, ප්‍රමුඛතම නිෂ්පාදන සහ අලෙවිකරණ සමාගමකි. ආයුර්වේද දැනුම, විද්‍යාත්මක ක්‍රමවේද සහ අතිනවීන තාක්‍ෂණය මුසුකර පාරිභෝගිකයින්ට සෞඛ්‍ය සම්පන්න, දිගු හා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට හැකි පරිදි, උසස්ම සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන පිරිනැමීමේ උදාර දර්ශනය මගින් සමාගම මෙහෙයවනු ලැබේ. එහි ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, ශරීර සෞඛ්‍යය සහ යහපැවැත්ම ඉහළ නැංවීම උදෙසා සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කරන ලද ආයුර්වේද ඖෂධ 14 ක සාරය ඇසුරෙන් සකස් කරන ලද 100% ක් ස්වභාවික ශාකසාර නිෂ්පාදනයක් වන අතර, දිනපතා පරිභෝජනයෙන් ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවේ. ඊට අමතරව, සුදන්ත, ස්වස්ථ  අමෘත, ස්වස්ථ ත්‍රිඵලා, Musclegard, SP බාම්, කේශා  ඇතුළුව, පරම්පරා ගණනාවක් තිස්සේම දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගික විශ්වාසය දිනූ නිෂ්පාදන රැසක් පාරිභෝගිකයින් අතට පත් වන්නේ ලින්ක් නැචුරල් පරිශ්‍රය තුළිනි. සමාගමේ නවතම නිෂ්පාදනයක් වන Earth Essence ශාක ඖෂධීය ස්ව සත්කාරක නිෂ්පාදන එකතුවද,  මේ වන විට වෙළඳපොළට නිකුත්කර තිබේ.