ලීඩර් සමූහ ව්‍යාපාරය කයිජි මෝටර් මෝටර් බයිසිකල් බැටරි නිෂ්පාදනය අරඹයි

    May, 12, 2016

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ලීඩර් සමූහ ව්‍යාපාරය විසින් ජපන් තාක්ෂණයෙන් යුක්තව කයිජි වෙළඳ නාමය යටතේ මෝටර් මෝටර් බයිසිකල් බැටරියක් නිෂ්පාදනය කිරීමට ආරම්භ විය.

    එහි කර්මාන්තශාලාව සහ කයිජ් බැටරිය එළි දැක්වීම අප්‍රේල් මස 23 වන සෙනසුරාදා පෙ.ව. 11.10 යෙදෙන සුභ මොහොතින් ප්‍රධාන ආරාධිත අමුත්තන් වන හැටන් නැෂනල් බැංකුවේ කළමණාකාර අධ්‍යක‍ෂක/ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා සහ කයිජි (Kajie) සමූහ ව්‍යාපාරයේ සභාපති චෙන් මහතා යන දෙපල විසින් අංක 208 හොරණ පාර, පොකුණු විට යන ස්ථානයේ දී සිදු කෙරිණි.

    ලීඩර් සමූහ ව්‍යාපාරයේ සභාපති ශ්‍රියන්ත කුරේ මහතා පවසා සිටියේ ලීඩර් සමූහ ව්‍යාපාරය 2004 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර පසුගිය වර්ෂ 12 ක කාලය තුළදී ලොව ප්‍රමුඛ වෙළඳ නාමයක් වන Endurance, Champion, Servo Riyelta, Steel Bird, Rockman Hero, Nandi Tyres, Aurangabad Electricals, Supreme සහ Kaijie යන වෙළඳ නාමයන් යටතේ ත්‍රිවිල් සහ මෝටර් බයිසිකල් අමතර කොටස් ගෙන්වා ඛෙදාහරින ප්‍රධානතම සමාගමක් බවට පත්වීඹට හැකිවීම ගැන තමා ඉමහත් සතුටු වන බවයි.

    තවද අප ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද කයිජි (Kaijie) මෝටර් බයිසිකල් බැටරිය පහත සඳහන් ඉහල තාක්ෂණයන් ගෙන් හා ගුණාංගයන් ගෙන් යුක්ත බව තම පාරිභෝගිකයින් හට ඉමහත් සතුටින් දන්වා සිටින බව දැනුම් දෙයි.

    • Power consistency hence longer life
    නොනැවති විදුලිය ලබාදීම සහ දිගුකල් පැවැත්ම.
    • ISO 9001 Standards & Japanese Industrial Standers.
    ISO 9001තත්ව සහතිකය සහ ජපන් කර්මාන්තශාලා ප්‍රමිතිය.
    • AGM Separators are used.
    • Raw material such as lead plastic and sulfuric acid are 100% virgin.
    • Water Vibration Changing System
    • Battery is fully sealed No Leakage
    • No Refilling & Maintenance
    නැවත පිරවීම සහ නඩත්තුවක් අවශ්‍ය නොවිම.

    මෙම කර්මාන්ත ශාලාව තුළදී මසකට මෝටර් බයිසිකල් බැටරි 150000 පමණ නිෂ්පාදනය කිරීමට ධාරිතාවක් පවතින අතර ඒ තුළින් ශ්‍රී ලාංකිකයින් හට සෘජු හා වක්‍ර වශයෙන් 500 කට අධික සංඛ්‍යාවකට රැකියා අවස්ථා හිමිවන අතර තම ශ්‍රී ලංකාකයින්ට ඉමහත් සතුටින් දන්වා සිටින අතර තම නිෂ්පාදනයන් අපනයනය තුළින් හා මෙරටට මෝටර් බයිසිකල් බැටරි ගෙන්වීම අඩු කිරීම තුළින් විශාල විදේශ විනිමයක් ඉතුරු කර ගැනීමට හා ඉපයීමට හැකිවන බව ලීඩර් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂිකා දුෂාන්ති කුරේ මහත්මිය ප්‍රකාශ කර සිටියි.