ලොකුම බැඳුම්කර වෙන්දේසිය අසාර්ථකයි?

    November, 14, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) දිනයේ දී රු. මිලියන 250,000 ක භාණ්ඩාගාර වෙන්දේසියක් කැඳවා තිබුණි.

    පරිණත කාණ්ඩ තුනක් යටතේ මෙම වෙන්දේසිය සඳහා භාණ්ඩාගාර බැඳුම්තර ඉදිරිපත් කර තිබුණු අතර මෙය මෙතෙක් ඉතිහාසයේ තනි වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කළ වැඩිම බැඳුම්කර ප්‍රමාණය ලෙසින් සැලකේ.

    කෙසේවෙතත් වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව තිබුණු ලංසු අතුරින් පිළිගෙන ඇත්තේ රු. මිලියන 73,224 ක ලංසු ප්‍රමාණයක් පමණි.

    මෙය සමස්ත නිකුතුවෙන් 30%කටත් වඩා අඩු ප්‍රමාණයක් වීම විශේෂත්වයකි. එනම් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයෙන් 29.28% ක් පමණි.

    මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.