August, 18, 2026
ජූනි සහ ජූලි මාස වල ගෝලීය අලෙවිය 144,841 සීමාව පසු කරයි
OMODA සහ JAECOO හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් අලෙවි නියෝජිතයා වන, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන 'හේලීස් මොබිලිටි ලිමිටඩ්' (Hayleys Mobility Limited) ආයතනය, 2026 ජූනි සහ ජූලි මාසයන්හිදී ලොව පුරා වාහන 144,841 ක් අලෙවි කරමින් එම සන්නාමය අත්කර ගෙන ඇති අඛණ්ඩ ගෝලීය සාර්ථකත්වය සමරයි.
මෙම විශිෂ්ට ගෝලීය අලෙවි ප්‍රගතිය සඳහා නව බලශක්ති වාහන (New Energy Vehicles - NEVs) සඳහා වූ අඛණ්ඩ ඉල්ලුම ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව මෙම දෙමස තුළ අලෙවි වූ සමස්ත වාහන සංඛ්‍යාවෙන් 112,775 ක්ම NEV වාහන වේ. එමඟින් OMODA සහ JAECOO හි විදුලි, හයිබ්‍රිඩ් සහ තාක්ෂණික වාහන කෙරෙහි පවතින ජාත්‍යන්තර ආකර්ෂණය මැනවින් පිළිඹිබු වන අතරම, වඩාත් තාක්ෂණික සහ කාර්යක්ෂම ගමනාගමනයක් දෙසට සිදුවන ගෝලීය වෙනස්වීමට අනුගත වෙමින් සන්නාමයේ ජාත්‍යන්තර පැවැත්ම තවදුරටත් තහවුරු කරයි.
මෙම සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙසේ පැවසීය:
"OMODA සහ JAECOO හි අඛණ්ඩ ගෝලීය සාර්ථකත්වයෙන් පෙන්නුම් කරන්නේ බුද්ධිමත්, කාර්යක්ෂම සහ අනාගතයට ගැළපෙන වාහන කෙරෙහි පාරිභෝගිකයන් තුළ ඇති දැඩි ආකර්ෂණයයි. ශ්‍රී ලංකාවේ එකම බලයලත් අලෙවි නියෝජිතයා ලෙස හේලීස් මොබිලිටි ආයතනය, විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව, නිල අමතර කොටස් සහ දීර්ඝකාලීන හිමිකාරීත්වයේ ඉහළ විශ්වාසනීයත්වය සමඟින් මෙම ගෝලීය නවෝත්පාදනයන් ලාංකීය මෝටර් රථ පදවන්නන් වෙත ගෙන එයි. මෙය ඉංජිනේරු ශිල්පය මුල් කරගත් නවෝත්පාදනයන් සහ තිරසාර ප්‍රගතිය වෙනුවෙන් හේලීස් ෆෙන්ටන්ස් හි ඇති කැපවීමටද මැනවින් අනුගත වේ."
හේලීස් මොබිලිටි ලිමිටඩ් හි විධායක අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසූවාය:
"ජූනි සහ ජූලි මාසවල සටහන් වූ මෙම ඉහළ ප්‍රගතිය, විශේෂයෙන්ම නව බලශක්ති වාහන (NEV) අංශයේ වර්ධනය මඟින් ගෝලීය රථවාහන ක්ෂේත්‍රය කොතරම් වේගයෙන් පරිවර්තනය වන්නේද යන්න පැහැදිලි කරයි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ද දැන් ආකර්ෂණීය නිමාව, ධාවන තත්ත්වය, ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ වූ වාහන අපේක්ෂා කරයි. ශ්‍රී ලාංකික රියදුරන්ගේ අවශ්‍යතාවයන් හොඳින් හඳුනන විශ්වාසනීය දේශීය සහකරුවෙකු ලෙස, මෙම වේගයෙන් වර්ධනය වන ගෝලීය වාහන එකතුව දේශීය වෙළෙඳපොළට සමීප කිරීමට ලැබීම පිළිබඳව හේලීස් මොබිලිටි ලෙස අපි ආඩම්බර වෙමු."
OMODA සහ JAECOO හි ව්‍යාප්ත වන ගෝලීය පැවැත්මත්, හේලීස් මොබිලිටි හි විශ්වාසනීය දේශීය සේවාවත් නිසා හේලීස් ෆෙන්ටන්ස් හි ඉංජිනේරු පළපුරුද්ද සහ සේවා විශ්වාසනීයත්වය සහිත නවතම පරම්පරාවේ ප්‍රිමියම් ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් සහ නවීන තාක්ෂණයෙන් යුතු වාහන ලබා ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට හිමිව තිබේ.
වැඩිවිස්තර සඳහා 0112 222 222 අංකයෙන් හේලීස් මොබිලිටි හා සම්බන්ධ වන්න. නැතහොත් www.hayleysmobility.com වෙබ් අඩවියට පිවිසෙන්න.


Video Story