ලෝකයේ ප‍්‍රථම වරට කොහොඹ සහ ඇත්තෝර භාවිතයෙන් හෙයාර් ඩයි නිපදවිම ඇරඹේ

    October, 21, 2016

    ශ්‍රී ලංකාවේ වෙළඳපොල පිළිබඳව කරන ලද සමීක්‍ෂණ අනුව වර්තමානයේ දී ලංකාවේ වයස අවුරුදු 40 ට වැඩි ජනගහනයෙන් 50% කටත් වැඩි පිරිසකගේ සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කොණ්ඩය පැසී ඇත. අතීතයේ කොණ්ඩය සුදු වීම අපේ ජනතාවට ගැටළුවක් නොවුන නමුත් එම තත්වය අද වන විට වෙනස් වි තිබේ. අද පවතින තරඟකාරී ලෝකය සමඟ තාරුණ්‍යයට ඇති දැඩි ඉල්ලූම හා පිළිගැනීම නිසා සියලූ දෙනාම තමාගේ තරුණ පෙනුම සහ පෞරුෂත්වය පවත්වා ගැනිමට සුවිශේෂී උත්සහයක් දරයි.

    අද වනවිට දේශීය වෙළඳපොලේ හිසකෙස් නැවත කලූ කිරීම සදහා භාවිතා කරන නොයෙකුත් ඩයි වර්ග විවිධ නම් වලින් විවිධ මිල ගණන් වලට වෙළඳපලේ දක්නට ලැබේ . ඒවායින් බොහොමයක් පිටරටින් ආනයනය කරන තත්වය හා ගුණාත්මකභාවය පිළිබඳ කිසිම සහතිකයක් නොමැති නිෂ්පාදනයන්ය. එම නිසා වර්තමානය වනවිට දේශීය පාරම්පරික ආයුර්වේද ඖෂධ මූලික කරගෙන වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබන ආයුර්වේද නිෂ්පාදන කෙරෙහි පාරිභෝගිකයින්ගේ අවධානය යොමුවී තිබේ.

    මෙම අගනා වෙළඳපොල අවස්ථාව මැනවින් වටහා ගත් සැබෑ දේශීය සමාගමක් වන ද කිංඩම් ඔෆ් රයිගම් සමූහ ව්‍යාපාරයේ උප සමාගමක් වන ඩ්‍රීම් ලයිෆ් සයන්ස් ආයතනය කොහොඹ සහ ඇත්තෝර ප‍්‍රමුඛ කොට ගත් දේශීය හෙළ ඔසු 11ක මුසුවෙන් Ravan කොහොඹ සහ Ravan ඇත්තෝර නමින් ආයුර්වේද හෙයාර් ඩයි වර්ග 2ක් ප‍්‍රථම වරට වෙළඳපොලට හඳුන්්වා දෙනු ලැබේ.

    Ravan කොහොඹ සහ Ravan ඇත්තෝර ආයුර්වේද හෙයාර් ඩයි
    “පෞරුෂයේ රහස”

    ශ්‍රී ලංකාවේ ප‍්‍රමිතින්ට අනුකූලව පදම් කරන ලද ස්වාභාවික කොහොඹ ශාක පත‍්‍ර සහ ස්වාභාවික ඇත්තෝර ශාක පත‍්‍ර ප‍්‍රමූඛව තවත් හිසකෙස් වලට හිතකර ඖෂධීය ශාක වර්ග 10ක එනම්, මුකුණුවැන්න, නිල් අවරිය, ගොටුකොළ, සියක්කා, පොකුරු වද, නෙල්ලි, කෝමාරිකා, හෙනා, කීකිරිඳිය සංඝටක නවීන තාක්ෂණය සමග මුසු කරමින් ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය සහිතව ඉතාමත් සෞඛ්‍යාරක්‍ෂිතව කොහොඹ සහ ඇත්තෝර ආයුර්වේද හෙයාර් ඩයි නිෂ්පාදනය කරන බව පවසන්නේ ඉතාමත් ආඩම්බරයෙනි.

    අනාදිමත් කාලයක සිට කොහොඹ විෂබීජ නාශකයක් ලෙසත් ඇත්තෝර අළුහම් හා හිස්හොරි වැනි ආසාදනයන් වැලැක්වීම සදහා භාවිතා කරන බවත් අප හොඳින් දන්නා කරුණකි. අතීතයේ අපේ රටේ දේශීය වෙද මහත්වරුන් කොහොඹ, ඇත්තෝර, නිල් අවරිය, ගොටුකොල ආදිය එකතු කර ඔලූවට හිස කුඩිච්චියක් පවා දැමීමට කටයුතු කිරීමෙන් හිස කෙස් ආරක්‍ෂා කිරිමේ ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක වූ අතර ඒ තුලින් ඔලුවේ ආතති තත්වයන් පවා මගහැරෙන බව අයුර්වේදයේ සදහන් වේ.

    Ravan කොහොඹ සහ Ravan ඇත්තෝර හෙයාර් ඩයි නිෂ්පාදනයන් ඔබේ හිස කෙස් වල නැති වී ගිය කලූ වර්ණය විනාඩි 30 ක් වැනි කෙටි කාලයකින් ඔබට ලබා දි හිසකෙස් වල වර්ණය දීප්තිමත් ව දිගු කාලයක් තබා ගැනීමට උපකාරී වේ. විශේෂයෙන්ම Ravan කොහොඹ හෙයාර් ඩයි හිස් කබලේ ඇති අසාදන වලට එරෙහිව කි‍්‍රයා කර හිසට සිසිලසක් ගෙන දෙන අතර Ravan ඇත්තෝර හෙයාර් ඩයි හිස් කබලේ ඇති විෂබිජ විනාශ කර හිස් හොරි වලින් ඔබව අරක්‍ෂා කරයි.

    අප කවුරුත් දන්නා පරිදි ශී‍්‍ර ලාංකිකයන්ගේ කොණ්ඩය තද දුඹුරු පැහැයක සිට ලා දුඹුරු පහැයක් දක්වා පරාසයක දිවයයි. ශ‍්‍රී ලාංකිකයන්ගේ කොණ්ඩය තද කලූ පැහැයක් නොගන්නේ අපගේ ජාන වල ඇති විශේෂිත වූ ලක්‍ෂණයක් නිසාය. අද දක්නට ඇති හෙයාර් ඩයි වර්ග මුලින්ම නිෂ්පාදනය කලේ ජපානයේය. ජපානයේ ජනතාවගේ කොණ්ඩය තද කලූ පැහැයක් ගන්නා නිසා එම කොණ්ඩවල වර්ණයට ගැලපෙන පරිදි ඒවාට අවශ්‍ය අමු ද්‍රව්‍ය නිෂ්පාදනය කලේ ජපානයයි. කාලයත් සමඟ කොණ්ඩය වර්ණ කිරීම දකුණු ආසියානු රටවලටද පැතිරිණි. එම රටවලටද පසු කාලීනව බොහෝ සෙයින් ජනප‍්‍රිය වූ හෙනා සමඟ මුසු කල හෙයාර් ඩයි වල වර්ණය වෙනසක් සිදු නොවුණු අතර ඒවායේ පාටද ගැල්වීමෙන් පසු තද කලූ පැහැයක් ගනී. පෙර සඳහන් කල පරිදි ශී‍්‍ර ලාංකි‍්‍රකයන්ගේ කොණ්ඩය තද දුඔුරු පැහැයක් ගන්නා නිසා හෙයාර් ඩයි ගැල්වීමෙන් පසු , හෙයාර් ඩයි නොගැවූ පුද්ගලයන්ගෙන් වෙන් කර හදුනා ගත හැකි වේ.

    මේ කරුණ හොදින් හදුනා ගත් ඩ්‍රීම් ලයිෆ් සයන්ස් පුද්ගලික ආයතනය අප ශ‍්‍රී ලාංකිකයන්ගේ කොණ්ඩයට ගැලපෙන පරිදි මෙම හෙයාර් ඩයි වර්ග දෙකම ස්වභාවික කලූ පැහැයෙන් (Natural Black) සහ ශ්‍රී ලාංකික කලූ දුඹුරු පැහැයෙන් 9 Sri Lankan Black) යුක්ත වන නිසා පාරිභෝගිකයින්ට තම අභිමතය පරිදි ඔවුන්ගේ හිස කෙස්වලට ගැලපෙන වර්ණයක් තෝරා ගැනීමට අවස්ථාව සැලසී තිබේ.

    පාරිභෝගිකයින්ට කවදත් හොඳම සහ අනර්ඝතම දේ නිරතුරුවම ලබාදෙන දේශිය ආයතනයක් ලෙස නම් දරා සිටින අප වෙළඳපලේ ඇති අනිකුත් හෙයා ඩයි වර්ග අභිබවා ඉදිරියට යමින් ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ලත් දේශිය වෙළඳපලේ ඇති එකම හෙයා ඩයි වර්ගය Ravan කොහොඹ හා Ravan ඇත්තෝර හෙයා ඩයි හදුන්වාදීමට හැකි වු බව දැනුම් දෙන්නේ ඉමහත් සතුටෙනි.

    ශ‍්‍රී ලංකාවේ වැවෙන කොහොඹ හා ඇත්තෝර ශාක පත‍්‍ර ප‍්‍රමුඛ අනගි දේශීය ඖෂධ වර්ග 10 ක් ඒවායේ ගුණාත්මක භාවය හානි නොවන පරිදි අප කර්මාන්ත ආයතනයේම පදම් කර 100% දේශියව නිෂ්පාදනය කරන Ravan කෙහොඹ හා Ravan ඇත්තෝර හෙයා ඩයි පාවිච්චි කිරිමෙන් තරුණ පෙනුම සහ පෞරුෂත්වය සෑම දින රැකගැනීමට හැකිවනු ඇත.

    වෙළඳපොලේ මෙතෙක් අඩුපාඩුවක්ව Ravan කොහොඹ හා Ravan ඇත්තෝර නිෂ්පාදනවල විශිෂ්ටත්වය සහතික කරමින් ප‍්‍රවීන රංගධර සිනමාවේදී රවීන්දා රන්දෙනිය මහතා ඍ්ඩ්බ සමග අත්වැල් බැද ඇති බව සතුටින් නිවේදනය කරමු.