වත්තල හේමාස් රෝහලෙන් පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන පිළිකාව සුවපත් කිරීමට සාර්ථක ප්‍රතිකාර

    September, 21, 2021

    පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ආසාදන, වයසත් සමග ප්‍රමාණයෙන් වැඩීම යන රෝග තත්වයන්ට සාපේක්‍ෂව වඩාත් දරුණු ලෙසින් මිනිස් ජීවිතයට හානි කර විය හැක්කේ  පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව හට ගන්නා පිළිකාවයි. වයස අවුරුදු 60 ඉක්මවූ පුරුෂයින් මෙම පිළිකා තත්වයට ගොදුරු වීමේ ඉහළ අවදානමක් ඇති පිරිස ලෙස හැඳින්විය හැක. වෛද්‍ය සඟරාවන් සඳහන් කරන ආකාරයට බටහිර රටවල වයස අවුරුදු 60 ඉක්මවූ පුරුෂයින් අතර දැකිය හැකි බහුල පිළිකා තත්වයක් ලෙස පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවන් පෙන්වාදිය හැකි වූවත් සමස්තයක් ලෙස දකුණු ආසියාව තුළ තදබල ලෙස දැකිය නොහැකි නමුදු ශ්‍රී ලංකාව ඇතුළුව දකුණු ආසියාතික රටවල ජීවත්වන පුද්ගලයින්ගේ නොසැලකිල්ල සහ පිළිකා කල්තියා හඳුනාගැනිමේ පහසුකම් ව්‍යාප්තව නොපැවතීම හේතුවෙන් මේ කලාපයේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවන්ට ගොදුරුවුවන් ජීවත් වීමට වරම් ලබන්නේ අල්ප වශයෙනි. එම රෝගය කල්තියා හඳුනාගැනීම සහ සැත්කම් ඇතුළුව මේ සඳහා ප්‍රතිකාර පහසුකම් වත්තල හේමාස් රෝහලේ සතු වන බැවින් කොළඹ හා තදාසන්නව ජීවත්වන වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසි සාමාජිකයින්ට මෙම රෝගය පිළිබඳව මුළුමනින්ම දැනුවත් වීම සහ ප්‍රතිකාර සඳහා මෞත්‍රලිංග විශේෂඥ වෛද්‍ය සහාය මෙන්ම සැත්කම් සඳහා වත්තල හේමාස් රෝහල වෙත පැමැණිය හැක.

    පුරස්ථි ග්‍රන්ථිය හා ඒ ආශ්‍රිතව හට ගන්නා රෝගී තත්වයන් පිළිබඳව සමාජයේ විවිධ මිත්‍යාවන් පවතී. පුරස්ථිය ග්‍රන්ථිය යනු පුරුෂයින්ගේ මුත්‍රාශයට පහළින් පිහිටි දෙහි ගෙඩියක හැඩය ගත් කුඩා ග්‍රන්ථියක් ලෙස සරළව හඳුන්වා දිය හැක. එම ග්‍රන්ථිය මගින් නිපදවන ශ්‍රාවයන් මගින් ශුක්‍රාණු සඳහා අවශ්‍ය පෝෂණය සපයාදෙන අතර ශුක්‍ර තරලයේ සරුබවට 25්‍ර ක පමණ දායකත්වයක් මෙම ග්‍රන්ථිය මගින් නිපදවන ශ්‍රාවයන්ගෙන් ලැබෙයි. පුරස්ථි ග්‍රන්ථිය අශ්‍රිතව ඇතිවන රෝගාබාධ අතර වඩාත් දක්නට ලැබෙන රෝගී තත්වයන් ලෙස විශබීජ මගින් ඇති වන ආසාදන සහ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වන වයසත් සමග ප්‍රමාණයෙන් වැඩීම පෙන්වා දිය හැකියි. වයස අවුරුදු 40 සිට වයස්ගත පුරුෂයින් දක්වා මෙම රෝගීතත්වය සුලබ බව වෛද්‍ය මතය වී ඇත. එහෙත් මෙම රෝගයන් සඳහා පෙන්නුම් කරන රෝග ලක්‍ෂණයන් සහ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන පිළිකාවන් වලදී පෙන්නුම් කරන රෝග ලක්‍ෂණයන් එක හා සමාන බැවින් බොහෝ අවස්ථාවලදී  මෙම පිළිකා තත්වය නොසලකා හැරීම හා වඩාත් දරුණු තත්වයට පැමිණි පසුව ප්‍රතිකාර සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් පවතින බව වත්තල හේමාස් රෝහලේ මෞත්‍රලිංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරුණ ඉන්දික නන්දසේන මහතා පවසයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නනේ “ මුත්‍රා කිරීම ආරම්භය ප්‍රමාද වීම, මුත්‍ර කඩින් කඩ පිටවීම, මුත්‍රා කිරීම සඳහා අයායාසයක් දැරීමට ,දිවා කාලයේ නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම, සිදුවීම සහ රාත්‍රී කාලයේ මුත්‍රා කිරීමට අවදිවීම , මුත්‍රා දැවිල්ල සහ මුත්‍රා සමග රුධිරය පිටවීම යන රෝග ලක්‍ෂණ පුරස්ථි ග්‍රන්ථියේ රෝග කිහිපයකට පොදුය. පුරස්ථි ග්‍රන්ථි ආසාදනය, වයසත් සමග වැඩීම, මුත්‍රාශයේ ගල් සහ පිළිකා ( පුරස්ථි ග්‍රන්ථියේ හෝ සමහර මුත්‍රාශ පිළිකා) මුත්‍රා නාලයේ හීනවීම පුරස්ථි ග්‍රන්ථි ආසාදය තත්වයන්වල ලක්‍ෂණයි. පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වන පිළිකාවක් යනුවෙන් හැඳින්වෙන්නේ පිළිකා සෛල( විකෘත) පුරස්ථි ග්‍රන්ථියේ නිරෝගී සෛල වසා පැතිරීමයි. ඉන් අනතරුව යටිබඩ ආශ්‍රිතව ඇතිවන වේදනාව, අස්ථිවල කැක්කුම් හට ගැනීම මෙහි ද්වීතියික රෝග ලක්‍ෂණ ලෙස හඳුන්වා දිය හැකියි. රෝගය කල් ඇතිව හඳුනා ගනිමින් පිළිකාව පාලනය කිරීම මගින් මෙම පිළිකා සෛල ශරීරයේ වෙනත් අවයවයන් වෙත පැතිරීම වළක්වා ගැනීමටත් වැඩිකාලයක් ජීවත්ව සිටීමටත් ඉඩ ලැබෙනවා. එහෙත් ශ්‍රී ලංකාවේ මෙම රෝගයට ගොදුරු වූ පිරිමින් අපට හමුවන විට ඔවුන් වඩාත් අසාධ්‍ය තත්වයක සිටින බැවින් සුව කිරීමට ඇති අවස්ථාවන් ඉතා විරල මට්ටමක පවතිනවා. එබැවින් වයස අවුරුදු 60ට වැඩි නම් මා කලින් සඳහන් කළ රෝග ලක්‍ෂණ පවතී නම් ඉතා ඉක්මනින් මෞත්‍රලිංග විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වීම වඩාත් යෝග්‍යයි”

    පුරස්ථිය ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා සහ ඒ ආශ්‍රිත ආසාදන හඳුනා ගැනීම සඳහා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්‍ෂණ, පී.එස්.ඒ රුධිර පරීක්‍ෂණ සහ පුරස්ථි ග්‍රන්ථියේ ජෛව කොටස් මගින් සිදුකරන පරීක්‍ෂණයක් හරහා මෙම රෝගී තත්වයන් නිසැක වශයෙන්ම හඳුනා ගන්නටත් රෝගයේ මූලික අදියරෙහිදීම ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පූර්ණ සුවපත් බව සහ වැඩිකාලයක් නිරෝගීව දිවි ගෙවීමේ හැකියාවද ලැබෙන බව විශේෂඥ වෛද්‍ය අරුණ ඉන්දික නන්දසේන මහතා පවසයි. පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා කල්තියා හඳුනා ගැනීමෙන් ශල්‍යකර්මයක් මගින් පුරස්ථි ග්‍රන්ථිය ඉවත් කළ හැක. ඒ සඳහා වඩාත් නූතන ලැපරස්කොපික් ශල්‍යකර්ම වත්තල හේමාස් රෝහල තුළ සිදුකෙරෙන බව වත්තල රෝහලේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය ලසන්ත කරුණාරත්න මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ “ පුරස්ථි ග්‍රන්තිය ආශ්‍රිත පිළිකාව සැඟවී සිටින මාරාන්තික රෝගයක් ලෙස හඳුන්වා දිය හැකියි. මෙහි රෝග ලක්‍ෂණ වයස්ගත පිරිමින් බොහෝ දෙනෙක් තුළ පෙන්නුම් කරන බැවින් රෝගය නොසලකා සිටීමට ඉහළ සම්භාවිතාවක් පුරුෂයින් අතර පවතිනවා. නමුත් මේ මාරාන්තික රෝගය සඳහා ප්‍රශස්ත ප්‍රතිකාර ක්‍රම මගින් සුව කර ගත හැක්කේ රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන අවදියෙහිදීම හැකි ඉක්මනින් මෞත්‍රලිංග විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුවී අදාළ පරීක්‍ෂාවන් සිදුකර සැක දුරු කර ගැනීම මගින් පමණයි. ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය හිමි ශ්‍රී ලංකාවේ එකම රෝහල් සමූහය ලෙසට හේමාස් රෝහල් ජාලයේ වත්තල හේමාස් රෝහල පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාවන් හඳුනාගැනීමත් ප්‍රතිකාර කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය සේවාව ඇතුළුව සියලු පහසුකම්වලින් පරිපූර්ණ බව රෝගීනට විශ්වාසයෙන් යුතුව පැවසිය හැකියි” යනුවෙනි.