June, 20, 2024
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ කොළඹ සැලැස්ම මඟින් ඒකාබද්ධව ක්‍රියාවට නංවනු ලබන ‘වරාය හා සමුද්‍රීය ප්‍රවීණතා සංවර්ධන වැඩසටහන’ යටතේ වරායවල් අතර ප්‍රවීණතාව අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීමේ සහයෝගීතාව සඳහා වර්ජිනියා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය අතර එකඟතාවට පැමිණ ඇත.
ඒ අනුව, යෝජිත සහයෝගීතා ගිවිසුමට එළඹීම මඟින් දෙපාර්ශ්වයේ විධායක කාර්යමණ්ඩලයේ වෘත්තීය හැකියාවන් වැඩිදියුණු කිරීම ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරනු ලබයි. ඒ සඳහා වන සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story